ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලිය ගාල්ලේදී ආරම්භ කරයි – සම්පූර්ණ විස්තරය

Sports News

එළඹෙන නොවැම්බර් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව සිය 2021 ලෝක කුසලාන ටෙස්ට් ශූරතාවලිය 2021-2023 ගාල්ලේදී ආරම්භ කිරිමට නියමිතයි. නොවැම්බර් 21 වනදා සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ටෙස්ට් තරඟ දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතයි. පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 21 සිට 25 දක්වා පැවැත්වෙන අතර දෙවන තරගය නොවැම්බර් 28 සිට දෙසැම්බර් 2 දක්වා පැවැත්වේ.

2019-2021 දක්වා පැවති ලෝක ටෙස්ට් තරගාවලින් තුල ශ්‍රී ලංකාව 7 වන ස්ථානයට පත්වූ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 8 වන ස්ථානයේ පසුවෙයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාව සමග පසු ගිය වසරේ ටෙස්ට් තරඟ දෙකක් සඳහා සත්කාරක වූ අතර එය මේ වසරේ මාර්තු/අප්‍රේල් මාස වලදී 0-0 ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.

2021 නොවැම්බර් 14 දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන අයිසීසී පිරිමි විස්සයි 20 ලෝක කුසලානය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු ජාත්‍යන්තර තරගය මෙය වේ.

2021-2023 ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකා මුහුණදෙන ටෙස්ට් තරගාවලීන්.

#1. Sri lanka vs West Indies: 2 Tests (Home) – November/December 2021

#2. sri lanka vs India: 2 Tests (Away) – February/March 2022

#3. sri lanka vs Bangladesh: 2 Tests (Away) – May 2022

#4. sri lanka vs Australia: 2 Tests (Home) – June/July 2022

#5. sri lanka vs Pakistan: 2 Tests (Home) – July/August 2022

#6. sri lanka vs New Zealand: 2 Tests (Away) – November/December 2022

Leave a Reply

Your email address will not be published. Required fields are marked *