කුමාර සංගක්කාර ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් හා සමානයි – රවි ශාස්ත්‍රි

Sports News

රවිශංකර් ශාස්ත්‍රි යනු ඉන්දියානු ක්‍රිකට් පුහුණුකරුවෙක්, හිටපු ක්‍රිකට් විස්තර විචාරකයෙක්, ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ වර්තමාන ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි. ක්‍රීඩකයෙකු වශයෙන් ඔහු 1981 සහ 1992 අතර ටෙස්ට් හා එක්දින තරඟ දෙකේදීම ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා ක්‍රීඩා කළේය.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රවි ශාස්ත්‍රි මහතා ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රිඩයෙකු වන කුමාර සන්ගක්කාර ගැන කියූ කතාව මෙසේයි.

මම සන්ගක්කාරව පළමු තරඟයේ සිට දැක තිබෙනවා ඔහු ශේණිගත කිරිම්වල හැම වේලාවේම සිය ස්ථානය හොදින් රැක ගත්තා. සන්ගා නිතර දක්ෂතා අතර ඉන්න ක්‍රිඩකයෙක්. ඔහු සමකරන්න අමාරු ක්‍රිඩකයෙක්, තෙන්ඩුල්කාර් වගේම විෂිශ්ඨයෙක් ඔහු ලබපු හැම ශතකයක්ම දිත්වශතකයක්ම එයට සාක්ෂි දරයි. ඔහු ශ්‍රිමත් දොන් බ්‍රැඩ්මන් හා සමානයි. ශ්‍රී ලාංකිකයන් ඒ ගැන සැබැවින්ම ආඩම්බර වෙන්න ඕනි. සන්ගක්කාර රැස්කළ ලකුණු ගැන විතරක්ම නෙමෙයි ක්‍රිඩා පිටියෙන් එහා තියෙන ඔහුගේ මහත්මා ගුණය ගැන සමකරන්න අමාරුයි. සන්ගාට මහේලට නිසි පිළිගැනීම ලැබුණ ද කියන එක ඇත්තටම සිතන්න ඕන. ඔවුන් ඉන්දියාවේ හිටියා නම් ඔවුන්ට ඉහළම තැන ලැබෙනවා. කුමාර සන්ගක්කාර සැබැවින්ම විශිෂ්ට ක්‍රිඩකයෙක්.

ඉංග්‍රීසි ක්‍රිකට් ලේඛක පීටර් රොබක් විසින් කුමාර සන්ගක්කාර විස්තර කරන ලද්දේ “ඉතාමත් ඔප දැමූ සහ විචක්‍ෂණවත් පිතිකරුවන් ලෙසිනි ” ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටියේය. ඔහුගේ සම්මාන අතර වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා, අයි.සී.සී ලෝක XI ටෙස්ට් කණ්ඩායමේ නායකයා සහ 2012 වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයින් අතරට නම් කිරීමද ඇතුළත් වේ. ශ්‍රී ලාන්කිකයන් වශයෙන් අපි සැබැවින්ම මෙම අසහාය ක්‍රිකට් ක්‍රිඩකයා ගැන ආඩම්බර වෙන්න ඕනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *