ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට සුබදායී පුවතක් – සම්පූර්ණ විස්තරය

Sports News

මේ වසරේ පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර එළඹෙන දෙසැම්බර් මස 4 වෙනිදා සිට 23 දක්වා මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාන්ගනයේ පැවැත්වීමට නියමිතයි. මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් තරග නැරඹීමට ප්‍රෙක්ෂකයන්ට අවස්ථාව අහිමිවිය එයට හේතුව රටේ පැවති කොරෝනා වසන්ගතය නිසාවෙනි නමුත් එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ප්‍රෙක්ෂකයන්‍ට නැරඹීමට අවස්ථාව ලබාදීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ පිළිබඳව නිලවශයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය ඒකකයේ ප්‍රධානී, මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මෙසේ පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසුවේ අපි බලාපොරොත්තු වෙනවා පූර්ණ වශයෙන් එන්නත් ලබා ගත් 25% ක් පමණ ප්‍රේක්ෂකයන් පිරිසකට යම් යම් සීමාවන් සහ යම් යම් කොන්දේසිවලට යටත්ව තරගාවලිය නරඹන්න අවස්ථාව ලබා දෙන්න. තරගාවලියට තව මාස 2ක් පමණ කාලයක් තියෙනවා. දැනට අපි අපේ රටේ තත්වය පිළිබඳව අපි තක්සේරු කරමින් ඉන්නවා. අනතුරුව ප්‍රේක්ෂකයන්ට තරග නැරඹීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා යනුවෙන් මහාචාර්ය අර්ජුන මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *