රත්ගම වැල්ලෙන් පැමිණ ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කළ ලසිත් මාලිංග

Sports News

ශ්‍රී ලාංකීය කි‍්‍රකට් වංශ කතාවේ බිහිවුන සුපිරිම වේගපන්දු යවන්නා ලෙස මුලු ලෝකයේම ආදරය දිනාගත් ලසිත් මාලිංග ගේ ක්‍රිකට් ආරම්භය සිදුවූයේ රත්ගම වැල්ලෙනි. රත්ගම වැල්ලෙන් ක්‍රිකට් පිටියට පිවිසි මොහූ ක්‍රිකට් ලෝක වාර්ථා රැසකට උරුම කම් කියයි.

රත්ගම වැල්ලෙන් ක්‍රිකට් පිටියට පැමිණ ලොව පුරා නම් දරණ ලද පිතිකරුවන් දන ගැස්වූ ලසිත් මාලිංග ලීග් ක්‍රිකට් පිටියේ ද වීරයෙක් බවට පත්විමට වැඩි කාලයක් ගත උනෙ නැත. සුපර් ඕවර්, ඩෙත් ඕවර් වලට ලොව බිහිවූ හොදම වේග පන්දු යවන්නා ලෙස සැලකෙන මාලිංග ඕන වෙලාවක යොකර් පන්දුවෙන් පිතිකරුවන් දවා ගන්නේ ඔහුගේ ග්‍රහණයට නතු කරගනිමිනි.

ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙකු ලෙස ලසිත් මාලිංග සැලකෙන අතර, ලෝක කුසලාන තරගාවලියන්හී දී කඩුලු ත්‍රිත්වයන් දෙකක් දවා ගෙන ඇති එකම පන්දු යවන්නා ලෙස ද මාලිංග ඉතිහාසගත වී තිබෙනවා. එක්දින ජාත්‍යන්තර තරගවල කඩුලු ත්‍රිත්වයන් 3ක් දවා ගෙන ඇති එකම පන්දු යවන්නා වන මාලිංග ජාත්‍යන්තර පිටියේ දී කඩුලු ත්‍රිත්වයන් 5ක් දවා ගෙන ඇති එකම පන්දු යවන්නා ද වනවා.

2014 අයි.සී.සී පිරිමි විස්සයි 20 ලෝක කුසලානය සදහා නායකත්වය සැපයූ ශ්‍රී ලංකාවේ යෝකර් රජු මාලිංග ය. විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වඩාත් කැපී පෙනෙන විස්සයි 20 පන්දු යවන්නා ලෙස ඔහු සිය වෘත්තීය ජීවිතය අවසන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *