2028 ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායමත් – සම්පූර්ණ විස්තරය

Sports News

ඔලිම්පික් උළෙල පළමු වරට සංවිධානය කරන විට ඊට ඇතුලත් කරන්න ක්‍රිඩාවන් අතරට ක්‍රිකට් ක්‍රිඩාවද ඇතුලත් කිරිමට නියමිතව තිබිණි. ඒ අනුව වර්ෂ 1896 දී ක්‍රිකට් ක්‍රිඩාව ඔලිම්පික් උළෙලට ඇතුලත් කිරිමේ හැකියාවක් පැවතියත් තරගාවලියට සහභාගි වීමට ප්‍රමාණවත් කණ්ඩායම් එවකට නොවුණු නිසා එම ප්‍රයත්නය අසාර්ථක විය.

නමුත් 1900 වසරේදී ක්‍රිකට් ක්‍රිඩාව ඔලිම්පික් උළෙලට ඇතුළත් විය. ඔලිම්පික් උළෙලට ඇතුලත් උනු ක්‍රිකට් ක්‍රිඩාව පළමු තරඟය ලෙස පැවැත්වුණේ, අද වන විට ක්‍රිකට් වලට ඈතින්වත් නෑකම් නොකියන දේශයකදීය. එදා මෙදා තුර ක්‍රිකට් ඉතිහාසයේ ඔලිම්පික් උළෙලේදී ක්‍රිකට් ක්‍රිඩා කර ඇත්තේ එක් වරක් පමණි.

ක්‍රිකට් ගැන උනන්දුවක් දක්වන පිරිස කෝටි සියය ඉක්මවුවත් එය ජනප්‍රියව පවතින්නේ රටවල් අතලොස්සක් අතර පමණි. එම රසිකයන්ගෙන් අති බහුතරය ඉන්දීය උප මහාද්වීපයේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවල් හතරට අයත් වෙති. ඉන්දියාව හා සමානව ශ්‍රී ලංකාවේ ද ඇත්තේ ක්‍රිකට් උමතුවකි. එහෙත් ජාත්‍යන්තර මට්ටමින් ටෙස්ට් වරම් ලබා ඇත්තේ රටවල් 10-11 ත් අතර සංඛ්‍යාවකි. එනම් නිතර ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන රටවල් ඇත්තේ එපමණකි.

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ඇතුලත් කර ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය (ICC) උත්සහ ගනිමින් සිටී. එම උත්සාහය සාර්ථක කරගනුවස් අයිසීසිය ඔලිම්පික් කමිටුවක් පත් කර ගෙන තිබේ. එම යෝජනාව සාර්ථක වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද 2028 ඔලිම්පික් උළෙලට ඇතුලත් විය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *