එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වාර්තා ලැයිස්තුව – සම්පූර්ණ විස්තරය

Sports News

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග මෙහෙයවනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසිනි. ටෙස්ට් තරග මෙන් නොව එක්දින තරග සමන්විත වන්නේ එක් කණ්ඩායමකට එක් ඉනිමක් ලෙසින් වන අතර ඕවර සංඛ්‍යාව පිළිබඳ සීමාවක්ද සහිතවය. ඕවර සංඛ්‍යා සීමාව, වර්තමානයෙහි ඉනිමකට ඕවර 50 වන අතර අතීතයෙහිදී මෙම සංඛ්‍යාව, ඕවර 55 හෝ 60 විය.

එක්දින ජාත්‍යන්තර තරගයක් ලෙසින් ක්‍රීඩා කෙරී ඇති බවට දැනට හඳුනාගෙන ඇති පැරණීම තරගය ක්‍රීඩා කර ඇත්තේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර 1971 ජනවාරි මාසයෙහිදීය. එතෙක් පටන්, කණ්ඩායම් 26 ක් විසින් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 3,000 කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇත.

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වාර්ථා අතර වැඩිම ජාත්‍යන්තර ජයග්‍රහණ අනුක්‍රමය ඕස්ට්‍රේලියාව වන අතර දිගුම පරාජය ලැබීම අනුක්‍රමය බංග්ලාදේශය වේ. වැඩිම පුද්ගලික ලකුණු සංඛ්‍යාව රොහිත් ශර්මා ලකුණු 264 වන අතර හොඳම පන්දු යැවීමේ සටහන (චමින්ද වාස්, 8–19), ඕවරයක් තුල වැඩිම ලකුණු සංඛ්‍යාව (හර්ෂල් ගිබ්ස්, 36) සහ වේගවත්ම ශතකය (ඒබීඩි විලියර්ස්, පන්දු 31) ,ලෙස එක්දින ජාත්‍යන්තර පිටිය තුල වාර්තා වේ.

එමෙන්ම ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් විසින් මුළු ලකුණු 18,426 සහිතව එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලදී වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කර ඇත. ශ්‍රී ලාංකික දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් විසින් මුළු කඩුළු 534 සහිතව එක්දින තරග වලදී වැඩිම කඩුළු දවන්නා බවට පත්ව සිටියි.

 

 

කඩුළු-රකින්නෙකු විසින් සිදු කල වැඩිම දවා ගැනීම් සඳහා වාර්තාව දරන්නේ ද ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර විසින් වන අතර පන්දු රකින්නෙකු විසින් ලබා ඇති වැඩිම උඩ පන්දු පිළිබඳ වාර්තාව සතු වන්නේ ද ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රිඩකයෙක් වන මහේල ජයවර්ධන විසිනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *