එක්දින ශ්‍රේණිගත කිරීම්හි වැඩිම ලකුණු ලබා ඇති ආරම්භක පිතිකරුවන්

Sports News

#1. සචින් තෙන්ඩුල්කාර්

සචින් තෙන්ඩුල්කාර් එක්දින තරඟ 344 ක් ක්‍රිඩා කරමින් ලකුණු 15,310 ක් ලබා ගනිමින් 48.29 පිතිකරන සාමාන්‍යය රදවා ගනිමින් 200* වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන ආරම්භක පිතිකරන ශේණිගත කිරීම්හි ප්‍රථම ස්ථානයේ පසුවෙයි. 2010 දී දකුණු අප්‍රිකාවට එරෙහිව ලබා ගත් එක්දින ආකෘතියේ පළමු ද්විත්ව ශතකය ඇතුළුව එක්දින ක්‍රිකට් පිටියේ සෑම වාර්තාවක්ම පාහේ ඔහු සතු විය. තෙන්ඩුල්කාර් දැඩි ආක්‍රමණශීලී පිතිකරුවෙකු වූ අතර දැඩි ආරක්ෂක හා ප්‍රහාරාත්මක ලෙස පිතිකරනයේ යෙදෙයි.

#2. සනත් ජයසූරිය

ජයසූරිය එක්දින තරග 388 ක් ක්‍රිඩා කරමින් එක්දින ලකුණු 12,740 ලබාගැනීමට සමත්විය. 34.61 පිතිකරණ සාමාන්‍යයක් රදවා ගැනිමට ඔහු සමත්විය. ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව 189 කි. මෙම ලැයිස්තුවේ දෙවැනියා වන්නේ සනත් ජයසූරියයි. 1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායමට උදව් කළේ සනත් ජයසූරිය වන අතර පසුව හොඳම එක්දින ආරම්භක පිතිකරු බවට පත්විය. පන්දු යවන්නන්ට එල්ල කළ ඔහුගේ පිතිකරන රටාව ක්‍රිකට් ලෝකයම ආකර්ෂණය කර ගැනිමට ඔහු සමත්විය. ඔහු ආරම්භක පිතිකරු ලෙස එක්දින ලකුණු 12,000 කට වඩා වැඩියෙන් ලබාගෙන ඇත.

#3. ඇඩම් ගිල්ක්‍රිස්ට්

එක්දින තරඟ 260 ක් නියෝජනය කරමින් ලකුණු 9,200 ලබාගනිමින් 36.50 පිතිකරු සාමාන්‍යක් රදවා ගැනිමට ඔහු සමත්විය. 172 මොහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. කඩුලු රකින්නන් කෙසේ පන්දුවට පහර දිය යුතු දැයි නැවත නිර්වචනය කිරීමට උදවු කළ මිනිසා වූ ඇඩම් ගිල්ක්‍රිස්ට් ඉනිම ආරම්භයේදී අතිවිශිෂ්ට පිතිකරන රටාවන් දියත්කරන ඉතාමත් උද්යෝගිමත් පිතිකරුවෙකි. ඔහුගේ ශෛලිය විශේෂයෙන් එක්දින තරඟ සඳහා වඩාත් සුදුසු වූ අතර එහිදී ඔහුට පන්දු රැකීමේ සීමාවන්ගෙන් ප්‍රයෝජන ගෙන ලකුණු රැස් කිරිමේ හැකියාව ඇත.

#4. සෞරව් ගංගුලි

එක්දින තරඟ 242 ක් නියෝජනය කරමින් ලකුණු 9,146 ලබාගැනීමට මොහු සමත්විය එමෙන්ම 41.57 පිතිකරණ සාමාන්‍යයකින් සමන්විත මොහු 183 වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමට සමත්විය. සෑම දිනකම හොඳම එක්දින පිතිකරුවෙකු වූ සෞරව් ගංගුලි ප්‍රවේගකාරි ආරම්භක පිතිකරුවෙකු ලෙස හැදින්වේ.

#5. ඩෙස්මන්ඩ් හේන්ස්

එක්දින තරඟ 238 ක් නියෝජනය කරමින් ලකුණු 8,648 ලාබා ගනිමින් 41.37 පිතිකරණ සාමාන්‍යයකට මොහු හිමිකම් කියයි. 152* වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගනිමට ද මොහු සමත්විය. 1970 දශකයේ අග සහ 1980 ගණන් වල බටහිර ඉන්දීය කණ්ඩායමේ දක්ෂ පිතිකරුවෙක් වූ ඩෙස්මන්ඩ් හේන්ස් ඔහුගේ ආරම්භක සගයා වූ ගෝර්ඩන් ග්‍රීනිජ් තරම් උද්‍යෝගිමත් නොවූ නමුත් නිසැකවම සාර්ථක පිතිකරුවෙක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *