T 20 ශ්‍රේණිගත කිරීම්හි වැඩිම ලකුණු ලබා ඇති ආරම්භක පිතිකරුවන්

Sports News

#5. ඇලෙක්ස් හේල්ස්

T20 තරඟ 33 ක් ක්‍රිඩා කරමින් ලකුණු 1,062 ලබා ගනිමින් පිතිකරණ සාමාන්‍ය 37.92 රදවා ගැනිමට මොහු සමත්විය. එමෙන්ම 116* වැඩිම ලකුණු සංඛ්‍යාවකට ද මොහු හිමිකම් කියයි. T20 හි ආරම්භක පිතිකරුවෙකු ලෙස ලකුණු 1000 ඉක්මවූ පළමු ක්‍රීඩකයා වන්නේ එංගලන්තයේ ඇලෙක්ස් හේල්ස් වන අතර ඔහු විස්සයි විස්ස තරග වලට වඩාත් ගැලපෙන ක්‍රිඩකයෙකි. ආක්‍රමණශීලී දකුණත් පිතිකරුවෙකු වන හේල්ස් එංගලන්තය සඳහා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග රැසක් ජයග්‍රහණය කිරිමට සහභාගි විය. ලෝකය පුරාම දැනටමත් ප්‍රසිද්ධියට පත් වී ඇති ඔහු මෙම ලැයිස්තුවේ 5 ස්ථානය හිමිකරගෙන ඇත.

#4. බ්‍රෙන්ඩන් මැකලම්

බ්‍රෙන්ඩන් මැකලම් විස්සයි විස්ස තරඟ 40 ක් නියෝජනය කරමින් ලකුණු 1,224 සංඛ්‍යාවක් ලබා ගනිමින් 37.09 පිතිකරණ සාමාන්‍යයකට හිමිකම් කියයි. 116* විස්සයි විස්ස තරග රටාවේ වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම් ලොව පුරාම විෂිශ්ඨතම පන්දු යවන්නන්ට පහර එල්ල කරමින් විස්සයි විස්ස තරග රටාවේ ඉහළින්ම සිටින ක්‍රිඩකයෙකි.

#3. ක්‍රිස් ගේල්

T20 තරඟ 43 ක් නියෝජනය කරමින් ලකුණු 1,239 රැස් කර ඇති ගේල් 32.60 පිතිකරණ සාමාන්‍යයකට හිමිකම් කියන අතර 117 වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන ඇත. මොහු දේශීය හෝ ජාත්‍යන්තර වශයෙන් විස්සයි විස්ස ආකෘතිය ක්‍රීඩා කිරීමට දැඩි ලෙස ඇලුම් කරන ක්‍රිඩකයෙකි එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සදහා ද මොහු ක්‍රිඩා කරයි. ඕනෑම පන්දු යවන්නෙක්ට මුහුණ දෙමින් ඉහළ ලකුණු ප්‍රමාණයක් රැස් කිරීමට ඔහුට හැකියාව ඇත. පසුගිය වසර කිහිපය තුලදී ලීග් ක්‍රිකට් පිටිය තුල කැපී පෙනෙන දක්ෂතා අතරට පැමිණිම මොහු සමත්විය.

#2. තිලකරත්න ඩිල්ෂාන්

තිලකරත්න දිල්ෂාන් විස්සයි විස්ස තරඟ 48 ක් නියෝජනය කරමින් ලකුණු 1,297 රැස්කිරිම සමත් විය. මොහුගේ පිතිකරණ සාමාන්‍යය 119.98 කි. විස්සයි විස්ස 104* වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් දිගු කලක් විස්සයි 20 ආකෘතියේ ප්‍රබල ආරම්භක පිතිකරුවෙකු ලෙස අංක 2 ස්ථානයේ ක්‍රිඩා කළේය.

ඔහු ලකුණු ලබා ගැනීම සඳහා සාම්ප්‍රදායික නොවන පහරවල් ක්‍රීඩා කිරීමට කැමති අතර පන්දුයවන්නන් අසරණ කිරිමට ඩිල්ශාන් සමත්විය. මොහු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවට නව පිතිකරන රටාවක් හදුන්වා දීමට සමත්විය ඒ ඩිල්ස්කූප් පහර ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය හදුන්වා දෙයි.

#1. ඩේවිඩ් වෝනර්

T20 තරඟ 52 ක් නියෝජනය කරමින් ලකුණු 1,444 ලබාගැනීමට මොහු සමත්විය.29.46 පිතිකරණ සාමාන්‍යය රදවා ගනිමින් 90* වැඩිම ලකුණු සංඛ්‍යාවකට මොහු හිමිකම් කියයි. එමෙන්ම T 20 ශේණිගත කිරිම්වල ආරම්භක පිතිකරුවෙකු ලෙස වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන ඇත්තේ මොහුය. ඔහු විස්සයි 20 තරගාවලියේදී ස්ථාවරව සිටි අතර සෑම විටම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සැලසුම් වල කොටසක් විය. ඔහු අනෙකුත් කණ්ඩායම් වල බලාපොරොත්තු සුන් කරවන පිතිකරන රටාවක නිරත වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *