තරංග, වීරක්කොඩි සහ ප්‍රසාද් EPL හී විශිෂ්ඨ දස්කම් අතරට – සම්පූර්ණ විස්තරය

Sports News

නේපාලයේ පැවැත්වෙන එවරස්ට් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තුළදී හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු උපුල් තරංග, සඳුන් වීරක්කොඩි සහ හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ධම්මික ප්‍රසාද් සුපුරුදු දක්ෂතා අතරට පැමිණෙමින් සිය කණ්ඩායම් ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

බහිරහව ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරන උපුල් තරංග එම තරඟයේදී පිත්තෙන් එහිදී ඔහු පිළිවෙලින් ලකුණු 34* සහ 67* ක් ලබා ගත්තේය. උපුල් තරංග පන්දු 44 කදී ලකුණු 67 ක් ලබා ගත්තේ හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමඟිනි.

ලලිත්පූර් පේට්‍රියට්ස් ෆ්‍රැන්චයිස් කණ්ඩායම නියෝජනය කළ වමත් පිතිකරු සඳුන් වීරක්කොඩිට ඔහුගේ පළමු ඉනිම 2 තුළදී සිය දස්කම් දැක්විමට නොහැකි වූ නමුත් තුන්වන තරගයේදී පන්දු 41 කදී ලකුණු 58 ක් ලබා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළේය. හතරේ පහර සහ හයේ පහර 5 ක් සමගින් වීරක්කොඩි ලකුණු 58 ලබාගැනීමට සමත්විය.

හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් බිරාත්නගර් වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවාර 3 කදී කඩුලු 5 ක් දවා ගැනිමට සමත්විය. ප්‍රසාද් ඔහුගේ දෙවන තරඟයේදී පන්දුවාර 3 කදී ලකුණු 6 කට කඩුලු 3 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *