ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ වෙනසක් – සම්පූර්ණ විස්තරය

Sports News

2021 ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝක කුසලානයේ හත්වන අදියරේ ලෝක කුසලාන තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ 2021 ඔක්තෝබර් 17 සිට 14 නොවැම්බර් දක්වා පැවැත්වීමට සියලුම කටයුතු මේ වනවිටත් සුදානම් කොට ඇත.

එළඹෙන පිරිමි විස්සයි විස්ස තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක් සිදුකර ඇත එම සන්චිතයට තවත් අතිරේක ක්‍රීඩකයින් 05 දෙනෙකු ඇතුළත් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර ඇත. ඊයේ දිනයේදී ලෝක කුසලානය සහභාගී වන ක්‍රිකට් සංචිතයට තවත් ක්‍රීඩකයින් 5 දෙනෙකු ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කළේය.

ඒ අනුව පැතුම් නිශ්ශංක, මිනෝද් භානුක, අශේන් බණ්ඩාර සහ රමේෂ් මෙන්ඩිස් කණ්ඩායමට ඇතුළත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ අනුව, ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට ක්‍රීඩකයින් 23 දෙනෙකු ඇතුළත් වේ. එමහේතුවෙන් ක්‍රිඩකයන් 23 සමග 2021 ඔක්තෝම්බර් 3 වන දින ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට සහභාගි වීම සදහා ඕමානය බලා පිටත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *