දිමුත්, සුරංග ,ඇඹුල්දෙණිය නැවතත් තරඟ බිමට – සම්පූර්ණ විස්තරය

Sports News

පාකිස්තාන A කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් – නොවැම්බර් මාසවලදී මෙරට තරග සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනය කළා. එමහේතුවෙන් එළඹෙන පාකිස්තාන A කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙකු කැඳවීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබෙනවා.

එළඹෙන කොදෙව් ටෙස්ට් තරඟාවලියට පෙර තරඟ පුහුණුව ලබා ගැනිමක් ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න , වේග පන්දු ‍යවන ක්‍රීඩක සුරංග ලක්මාල් හා වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය පාකිස්තාන A කණ්ඩායම සමඟ පැවැත්වෙන සිව්දින තරඟ සඳහා කැඳවනු ඇති බවට විශ්වාසනීය ආරන්ච් මාර්ග තහවුරු කරයි.

දිමුත් කරුණාරත්න ට පසුගිය බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියෙන් පසු කිසිඳු ජාත්‍යන්තර හෝ දේශීය තරඟයක් ක්‍රිඩා කිරීමට නොහැකිවු අතර බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් තරඟයේදි ආබාධයක ලක්වු ලසිත් ඇඹුල්දෙණිය ඉන් පසු කිසිදු ජාත්‍යන්තර හෝ දේශීය තරඟයකට ක්‍රීඩා කර නෑ. එමෙන්ම සුරංග ලක්මාල් අවසන් වරට ක්‍රීඩා කළේ පසුගියදා නිමාවු ශ්‍රී ලංකා ආරාධිත විස්සයි විස්ස තරඟාවලියටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *