23 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා පිල අද ලෝක කුසලානය සදහා ගමන අරඹයි

Sports News

එළඹෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය සදහා සහභාගි වීම සඳහා නම් කරන ලද සාමාජිකයින් 19 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අතිරේක ක්‍රීඩකයින් 5 දෙනෙකු එකතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත්තේය. අමතර ක්‍රිඩකයන් සහභාගි කරවා ගැනිමට හේතුව කණ්ඩායමේ සිටින සමහර ක්‍රිඩකයන් ආබාධ තත්වයෙන් සිටින නිසාය. මොවුන් එකතුවීමත් සමඟ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ලෝක කුසලාන සංචිතය ක්‍රීඩකයින් 23 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානයට එරෙහිව පුහුණු තරග 2 කට සහභාගිවීමට නියමිත අතර කණ්ඩායමේ සියළුම සාමාජිකයින් ඔක්තෝබර් 03 වැනිදා එනම් අද දින ඕමානය බලා පිටත්ව යනු ඇත.

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය යටතේ ශ්‍රී ලංකා පිල ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදිනු ඇත. එහි ප්‍රතිවාදීන් වන නැමීබියාවට එරෙහිව ඔක්තෝබර් 18 වැනිදා ද අයර්ලන්තයට එරෙහිව 20 වැනිදාද නෙදර්ලන්තයට එරෙහිව 22 වැනිදා ද තරග වදිනු ඇත. සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ පළමු ස්ථානයට පත් වන කණ්ඩායම ප්‍රධාන තරගාවලිය ‘ඒ’ කාණ්ඩයද දෙවැනි ස්ථානයට පත් වන කණ්ඩායම ‘බී’ කාණ්ඩයටද ඇතුළත් වනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ස්ථානයෙන් සුදුසුකම් ලැබීමේ වටය අවසන් කළහොත් ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ද දෙවැනි ස්ථානයට පත් වුවහොත් ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව, නවසීලන්තය සහ පාකිස්තානය ප්‍රතිවාදී කණ්ඩායම් බවට පත්වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *