පුහුණුවීම් හා කණ්ඩායමේ සංයුතිය පිළිබදව මිකී ආතර් අදහස් දක්වයි – සම්පූර්ණ විස්තරය

Sports News

2021 ජාත්‍යන්තර විස්සයි විස්ස ලෝක කුසලානයේ හත්වන අදියරේ ලෝක කුසලාන තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ 2021 ඔක්තෝබර් 17 සිට 14 නොවැම්බර් දක්වා පැවැත්වීමට සියලුම කටයුතු මේ වනවිටත් සුදානම් කොට ඇත. 2014 විස්සයි විස්ස ලෝක ශූරයින් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක කුසලානය සදහා සුදුසුකම් ලැබිමේ වටයකට ක්‍රිඩා කිරිමට සිදුව ඇත.

පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මීකී ආතර් කණ්ඩායමේ සංයුතිය පිළිබඳව මෙලෙස අදහස් පල කළේය.

මේ දිනවල මම ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය නරඹමින් ඉන්නේ මොකද ලෝක කුසලාන තරගාවලියත් පැවැත්වෙන්නේ එම තණතීරු වල නිසයි. එහි තණතීරු වල තත්ත්වය බැලීමේදී පෙනියන්නේ අපි වේගපන්දු යවන්නන් දෙදෙනෙකු , දග පන්දු යවන්නන් දෙදෙනෙකු , තුන්ඉරියව් ක්‍රිඩකයෙක් හා දග පන්දු යවන පිතිකරුවෙකු සමග තරග කිරිමට බලාපොරොත්තු වෙනවා නමුත් තණතීරු වියළි උනොත් දග පන්දු යවන්නන් තිදෙනෙකු එක්කර ගැනිමට කටයුතු කරනවා.

එමෙන්ම අපි පිතිකරන අංශය දියුණු කර ගැනිමට පසුගිය දිනවල ගොඩක් මහන්සි වෙලා වැඩ කරා. අපි පුහුණු තරග 3 ක් ක්‍රිඩා කලා. ස්වීප් ශොට් එක වෙනම පුහුණුසැසි වල පුරුදු උණා. එමෙන්ම අපේ ක්‍රිඩකයන් ක්‍රිඩා කළ යුතු ස්ථාන අපි හොදින් හදුනාගත්තා. මම හිතන විදිහට අපේ පිතිකරනය දියුණු උනොත් අපිට ලොකු අවස්ථාවක් තියෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් පෙරේරා සම්පුර්ණයෙන්ම සෞඛ්‍ය සම්පන්නව සිටින අතර ඔහු පුහුණුවීම් වල සිය සුපුරුදු රිද්මයට ක්‍රිඩා කළේය. එමහේතුවෙන් ඔහු ඉදිරි තරග සදහා ක්‍රිඩා කරනු ඇත. වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල ක්‍රිඩකයා වන්නේද කුසල් ජනිත් පේරේරා යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *