මහේල කණ්ඩායම සමග එක්වීම ලෝක කුසලානය සඳහා අපිට වාසියක් – දසුන් චානක

Sports News

විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිනයේ ඕමානය බලා දිවයිනෙන් පිටත් උනා. ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් චානක මෙලෙස අදහස් දැක්විය.

දකුණු අප්‍රිකානු තරගාවලියෙන් අනතුරුව අපි කණ්ඩායමක් විදිහට ඉක්මනින් අපේ පුහුණුවීම් ආරම්භ කලා. මම නිතරම IPL එක දිහා ඇහ ගහන් හිටියේ. ඒ ඩුබායි වල තණතීරු වල පිච් එයාලා හොදට තණකොළ එහෙම තියලා හදලා තියෙනවා පිතිකරුවන්ට සහය දෙන ආකාරයට. ඒත් සාජා වල විතරක් පොඩ්ඩක් පිච් බයින්ඩ් වෙලා වගේ තියෙනවා තණතීරු ගැන අපි තව ඉස්සරහට හොදට බලනවා මොකද අපේ දෙන්නෙකුත් එහේ ඉන්නවා එයාලගෙත් අත්දැකීම් කොහොමද කියලා දැන ගන්නවා.

එමෙන්ම එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සදහා මහේල අයියා එකතු වෙලා තියෙනවා අපිත් එක්ක. ඒක ලොකු හයියක් මොකද එයා දන්නවා කොහොමද මේ තණතීරුවල හැසිරීම් එතකොට එයාගේ අත්දැකීම් අපිට ගොඩක් වැදගත් වෙයි මේ තරගාවලිය සදහා.

ඕමානය සමගින් පැවැත්වෙන පුහුණු තරග දෙක සම්බන්ධයෙනද දසුන් චානක අදහස් පළ කරමින් කියා සිටියේ පිතිකරුවන්ගෙන් උපරිමය ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි. ප්‍රේක්ෂකයන් වන අපගේ බලාපොරොත්තුව ද මෙවර විස්සයි විස්ස ලෝක ශූරයන් බවට අපේ කණ්ඩායම පත්විමයි. එයාට අවශ්‍ය සහයෝගය ප්‍රේක්ෂකයන් වන අප නිරන්තරයෙන් කණ්ඩායම ලබාදෙනවා. මෙවර ලෝක කුසලානය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරිමට හැකිවේවායැයි අපි ප්‍රර්ථනා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *