අසේල ගුණරත්න සහ සදුන් EPL හී විශිෂ්ඨ දක්ෂතා අතරට – සම්පූර්ණ විස්තරය

Sports News

නේපාලයේ පැවැත්වෙන විශාලතම ක්‍රීඩා උත්සවය ලෙස හැදින්වෙන එවරස්ට් ප්‍රිමිය ලීග් තරගාවලිය සදහා මෙවර වැඩිම විදෙස් ක්‍රිඩකයන් පිරිසක් සහභාගි වී ඇත්තේ ශ්‍රී ලංකාවෙනි. මෙම තරගාවලිය තුල අසේල ගුණරත්න , ඩිල්ශාන් මුණවීර, සදුන් වීරක්කොඩි සිය කණ්ඩායම් ජයග්‍රහණය කරවමින් සුපුරුදු දක්ෂතා අතරට පැමිණෙමින් ශ්‍රී ලංකා ආධිපත්‍යය අඛණ්ඩව පවත්වාගෙන යයි.

වමත් පිතිකරුවෙක් ලෙස කටයුතු කරන සඳුන් වීරක්කොඩි ලලිත්පූර් පැට්‍රියට්ස් කණ්ඩායම වෙනුවෙන් තරගාවලියේ පිට පිට දෙවැනි අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 43 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 3 ක් සමඟින් ලකුණු 73 ක් රැස් කරගැනිමට සමත්විය. එමෙන්ම වීරක්කොඩි පැවති පෙර තරගයේදී පන්දු 41 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 5 ක් සමඟින් ලකුණු 58 ක් රැස් කිරිමට සමත්විය.

එමෙන්ම අසේල ගුණරත්න එම තරගයේදීම සිය සුපුරුදු දක්ෂතා පෙන්වමින් ඔහු පන්දු 24 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමඟින් නොදැවී ලකුණු 50 ක් රැස් කළේය. දකුණත් පිතිකරු ඩිල්ෂාන් මුණවීර බිරට්නගර් වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු 39 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් සමඟින් ලකුණු 59 ක් ලබා ගත්තේය.

මෙවර තරගාවලිය සදහා වැඩිම විදෙස් ක්‍රීඩකයින් ප්‍රමාණයක් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිඩකයින් සියලුම දෙනාව සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණිමට සමත්විය. නේපාලයේ පැවැත්වෙන මෙම ලීග් තරගාවලිය ලොව පුරා විශාල ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් නරඹයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *