මහේල ලොව හොදම පුහුණුකරුවා බව නැවතත් ඔප්පු කරයි සම්පූර්ණ විස්තරය

Sports News

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහභාගී වූ ප්‍රථම තරගයෙන් පරාජයට පත්වුනා. එහෙත් එහිදී මුම්බායි වේග පන්දු යවන්නන් ඉතා හොදින් පන්දු යවමින් මුල් පන්දුවාර වලදී කඩුලු දවාගන්නට සමත්වුනා. එහිදී නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඇඩම් මිල්නේ ලකුණු 21 කට කඩුලු දෙකක් දවාගන්නට සමත්වුනා. ට්‍රෙන්ට් බෝල්ට් හා බුම්රා ද කඩුලු දෙක බැගින් දවාගත්තා.

එමෙන්ම පිතිකර්ණයේදී සවුරබ් තිවාරි පන්දු 40 කින් වේගවත් ලකුණු 50 රැස්කලා. එහෙත් අවසානයේ මුම්බායි පිලට ලකුණු 20 ක පරාජයක් හිමිවුනා. තරගය අවසානයේ ක්‍රීඩක විවේකාගාරයේදී පුහුණුකරු මහේල හරි අපූරු දෙයක් කලා.

තරගය පරාජය වුවත් , තරගයේ හොදින් දස්කම් දැක්වූ ඇඩම් මිල්නේ හා සවුරබ් තිවාරි හට නිසි අගය කිරීමක් ලබාදෙන්නට මහේල කටයුතු කලා. ඔවුන් දෙදෙනාට විශේශ ලාන්චනයක් ප්‍රධානය කරමින් එය ඔවුන්ගේ කමිසයේ පලදන්නට මහේල කටයුතු කලා. එමගින් තරග පරාජය වුවද දස්කම් දැක්වූ අයට නිසි අගය කිරීමක් ලබාදෙමින් , මීලග තරගවලදී ඔවුන්ගේ උපරිමය ලබාගන්නට කටයුතු කිරීමක් ලෙස මෙය හැදින්විය හැක. මහේලගේ මෙම කටයුත්ත ක්‍රිකට් විචාරකයින්ගේ පැසසුමට ලක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *