වනිඳු හසරංග ඩෙකන් ග්ලැඩියේටර් කණ්ඩායම විසින් රඳවා ගනී – සම්පූර්ණ විස්තරය

Sports News

නොවැම්බර් 19 සිට දෙසැම්බර් 4 දක්වා පැවැත්වීමට නියමිත 2021 අබුඩාබි ටී 10 ලීග් තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීම සඳහා ඩෙකන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින් පා දග පන්දු යවන තුන්ඉරියව් ක්‍රිඩක වනිදු හසරන්ග සිය කණ්ඩායමේ රදවා ගැනිමට ඩෙකන් ග්ලැඩියේටර් කණ්ඩායමේ කළමනාකාරිත්වය තිරණය කර ඇත.

මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරන වනිදු හසරංග එළඹෙන ඔක්තෝම්බර් 10 වන දින නැවත ශ්‍රී ලංකා සංචිතයට එක්වන්නේ ජාත්‍යන්තර පිරිමි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි සදහා ය. අබුඩාබි ටී 10 ලීගයේ පස්වන අදියර නොවැම්බර් 19 දා ආරම්භ වීමට නියමිතය.

වසර දහයකට පසුව ශ්‍රී ලංකික ක්‍රිඩකයෙක් ජගත් ක්‍රිකට් විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශේණිගත කිරිම් වල අවසන් දෙදෙනා අතරට පැමිණ ඇත්තේ වනිදු හසරන්ග පමණි. වර්තමානය වන විට ලීග් ක්‍රිකට් පිටිය තුල නැතුව බැරි චරිතයක් බවට වනිදු හසරන්ග පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *