අද පැවැත්වෙන ශ්‍රී ලංකා – ඕමාන පළමු 20-20 තරගයේ ආරම්භක පිතිකරු යුගලය

Sports News

එළඹෙන අයි.සී.සී පිරිමි විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර ඕමානය සමග පන්දුවාර 20 යි 20 තරග දෙකක සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මේ වනවිටත් ඕමානය බලා පිටත්ව ගිහින් අවසන්ය.

ඔක්තෝබර් 07 එනම් අද දින පළමු විස්සයි විස්ස තරගය පැවැත්වීමට නියමිතයි. මෙම තරග දෙක මඟින් ඉදිරි අයි සී.සී පිරිමි විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි සූදානමක් ලබා දෙනු ඇත. මොකද මෙවර ලෝක කුසලානය පැවැත්වෙන්නේ ඕමානයේ සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නිසාවෙනි.

තරඟයක් ජයග්‍රහණය කිරිමේ අත්තිවාරම ලෙස හොද ආරම්භක සබඳතාවක් තිබිය යුතුය. එම හේතුවෙන් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්ට එම වගකීම පැවරේ. වර්තමාන ශ්‍රි ලන්කා කණ්ඩායමේ සිටි දක්ෂතම ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළේ කුසල් පෙරේරා සමගින් දනුෂ්ක ගුණතිලක වේ. නමුත් එන්ගලන්ත සන්චාරයේ දී විනය විරෝධීව හැසිරීම් හේතුවෙන් ගුණතිලකට වසරක තරග තහනමක් පැණවිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය. ගුණතිලක නොමැතිවීම ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට දරාගත නොහැකි පාඩුවකි.

එළඹෙන ලෝක කුසලානයට පෙර අද පැවැත්වීමට නියමිත පළමු විස්සයි විස්ස තරගාවලියේ ආරම්භක පිතිකරු යුගලය ලෙස කුසල් ජනිත් පේරේරා සමගින් අවිශ්ක ප්‍රනාන්දු ඉනිම ආරම්භ කිරිමට නියමිතයි.

#1. කුසල් ජනිත් පේරේරා

#2. අවිශ්ක ප්‍රනාන්දු

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය 2021 ඔක්තෝම්බර් 17 සිට නොවැම්බර් 14 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේදී පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *