ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගන්න යන ශ්‍රී ලංකා කාන්තා සංචිතය මෙන්න

Sports News

එළඹෙන කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබිමේ වටයේ තරග නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 5 දක්වා සිම්බාබ්වේ හීදී පැවැත්වීමට නියමිතයි. මෙවර ලෝක කුසලානය සදහා ඇතුලත් වීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සුදුසුකම් ලැබිමේ වටයකට මුහුණ දීමට සිදුව ඇත. සුදුසුකම් ලැබිමේ ක්‍රිකට් තරගාවලිය සදහා තරග කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු මෙහෙයවනු ලබයි.

මෙම කාන්තා සංචිතය සදහා වෙනස්කම් රැසක් ඇතුලත් කොට ඇත එයට නවක ක්‍රිඩිකාවන් කිහිපදෙනෙක්ම ඇතුළත් කොට ඇත ඒ අතරට 16 හැවිරිදි විශ්මි ගුණරත්න ද ඇතුලත් කොට ඇත. විශ්මි සීනිගම කාන්තා ක්‍රිකට් සමාජය නියෝජනය කරන ක්‍රිඩිකාවකි ඇය චමරි අතපත්තු ගේ නායකත්වය යටතේ ක්‍රිඩා කල හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් සමාජයට එරෙහිව පන්දු 117ක දී ලකුණු 112 ලබාගනිමින් ශතකයක් ලබා ගැනිමට සමත්විය.

මෙවර කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබිමේ ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකාව, පාකිස්තානය, බන්ගලාදේශය, බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය, තායිලන්තය, පැපුවා නිව් ගිනියාව, නෙදර්ලන්තය, ඇමරිකාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් 10 ක්‍රිඩා කරනු ලබයි. එම කණ්ඩායම් 10 අතුරින් කණ්ඩායම් 3 ක් 2022 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා එක්දින තරගාවලිය සදහා සුදුසුකම් ලබාගනු ඇත.

 

එළඹෙන කාන්තා ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනිමේ වටයට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය මෙසේ පෙළගැස්විය හැක.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය – චමරි අතපත්තු (නායිකාව), හර්ශිතා මාධවී (උප නායිකාව), ඉනෝකා රණවීර, නිලක්ෂි ද සිල්වා, හසිනි පෙරේරා, සුගන්ධිකා කුමාරි, ඔශාධි රණසිංහ, අමා කාංචනා, උදේශික ප්‍රබෝධනි, අචිනි කුලසූරිය, අනුෂ්ක සංජීවනී, කවිෂා දිල්හාරි, තාරිකා සෙව්වන්දි, ප්‍රසාදිනී වීරක්කොඩි, ඉමේෂා දුලානි, විශ්මි ගුණරත්න, සචිනි නිසංසලා.

අතිරේක ක්‍රීඩකයින් – උමේෂා තිමාශිනි, කාව්‍යා කාවින්දි, මධුෂිකා මෙත්තානන්ද, සත්‍යා සංදීපනී, ලිහිණි අප්සරා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *