තරංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8ක් මෙවර අබුඩාබි T10 ලීගයට – සම්පූර්ණ විස්තරය

Sports News

මෙවර අබුඩාබි T10 ලීගයේ පස්වන අදියර 2021 නොවැම්බර් 19 සිට දෙසැම්බර් 4 දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම ලීගය නියෝජනය කිරිමට ලොව පුරා සිටින ක්‍රිකට් තරු සහභාගි වෙයි. ෆැෆ් ඩුප්ලෙසි, ඇන්ඩෲ රසල්, ඩ්වේන් බ්‍රාවෝ, ඉයන් මෝර්ගන්, ජේසන් රෝයි, ක්‍රිස් ගේල් ඇතුළු ලොව පුරා සිටින විශාල ක්‍රිඩකයින් සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සදහා වැඩිම විදෙස් ක්‍රීඩකයින් ප්‍රමාණයක් එක්වන්නේ ද ශ්‍රී ලංකාවෙන් වීම විශේෂත්වයක් එම කණ්ඩායම් අට නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රිඩකයින් අනුපිළිවෙළින් මෙසේයි.

#1. Maratha arabians කණ්ඩායම වෙනුවෙන් චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර , දනංජය ලක්ෂාන් සහ මහේෂ් තීක්ෂණ ක්‍රීඩා කිරීමට නියමිතයි.

#2. Northern Warriors කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග ක්‍රීඩා කිරීමට නියමිතයි.

#3. ඩෙකන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් වනිදු හසරංග ක්‍රීඩා කිරීමට නියමිතයි.

#4. Bangla tigers කණ්ඩායම නියෝජනය කරමින් ඉසුරු උදාන ක්‍රිඩා කිරිමට නියමිතයි.

මීට පෙරද මරාතා අරබියන්ස් කන්ඩායම විසින් ශ්‍රි ලංකා ක්‍රීඩකයින් සිව් දෙනෙකු මිලදී ගෙන 2019 වසරේ පැවති තරගාවලියට සහභාගි වූ අතර එවර T10 ලීගයේ ශූරතාවය ද ඔවුන්ට ලබා ගැනීමට හැකි විය. මෙවරද ශ්‍රි ලංකා නියෝජනයන් හතරක් මරාතා අරබියන්ස් කණ්ඩායම වෙනුවෙන් නියෝජනය කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *