20-20 ලෝක කුසලානයේ විනිසුරුවරුන් සහ තරඟ තීරකයන් නම් කරයි

Sports News

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සදහා 20 දෙනෙකුගෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් තෝරා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය කටයුතු කර ඇත. කොවිඩ් -19 වසංගතයෙන් පසු පැවැත්වෙන මෙම තරගාවලිය ඔක්තෝබර් 17 සිට නොවැම්බර් 14 දක්වා කණ්ඩායම් 16 ක සහභාගිත්වයෙන් ආරම්භ කිරිමට නියමිතයි.

මෙම තරඟාවලියේ පළමු තරඟය ඕමානය සහ පැපුවා නිව්ගිනියාව අතර ඔක්තෝම්බර් 17 වන දින පැවැත්වීමට නියමිත අතර, 2019 අයි.සී.සී පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය සඳහා වූ පිටියේ විනිසුරුවරයෙකු වූ කුමාර් ධර්මසේන, ක්‍රිස් ගෆානි විනිසුරුවරුන් ලෙස කටයුතු කරයි.

රන්ජන් මඩුගල්ල තරග තීරකවරයා ලෙස කටයුතු කරන අතර රිචඩ් කෙට්ල්බරෝ රූපවාහිනී විනිසුරුවරයා ලෙස කටයුතු කරයි. තරගාවලියේ අවසන් පූර්ව වටයේ සහ අවසන් මහා තරගය සඳහා නිලධාරී මණ්ඩලය නියමිත දිනට නම් කිරිමට නියමිතයි.

තරඟ නිලධාරින්ගේ සම්පූර්ණ ලැයිස්තුව මෙසේ පෙළගැස්විය හැක.

තරග තීරකවරුන් – ඩේවිඩ් බූන්, ජෙෆ් ක්‍රෝ, රන්ජන් මඩුගල්ල, ජවගල් ශ්‍රීනාත්.

විනිසුරුවන් – ක්‍රිස් බ්‍රවුන්, ඇලීම් ඩාර්, කුමාර් ධර්මසේන, මාරයිස් ඉරැස්මස්, ක්‍රිස් ගෆානි, මයිකල් ගොෆ්, ඒඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක්, රිචඩ් ඉලින්ග්වර්ත්, රිචඩ් කෙට්ල්බරෝ, නිතින් මෙනන්, අහ්සන් රාසා, පෝල් රයිෆල්, ලැන්ග්ටන් රූසර්, රොඩ් ටකර්, ජොයල් විල්සන් පෝල් යන විනිසුරුවරුන් කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *