අද පැවැත්වෙන ශ්‍රී ලංකා – ඕමාන අවසන් 20-20 තරගයේ ආරම්භක පිතිකරු යුගලය

Sports News

ශ්‍රී ලංකා – ඕමාන පළමු විස්සයි විස්ස තරගයේදී ඉදිරි පෙළ කඩුලු 3 ම ලකුණු 23 ක් ඇතුළත බිඳ වැටුණි එයට හේතුව ආරම්භක පිතිකරුවන් ගේ වගකීම් විරහිත ක්‍රිඩා විලාශයයි තරගයක් ජයග්‍රහණයක අත්තිවාරම ලෙස ආරම්භක සබඳතාව හදුන්වා දීය හැක. නමුත් පළමු විස්සයි විස්ස තරගයේ ආරම්භක පිතිකරුවන් ක්‍රිඩා කල ආකාරය පිළිබඳව සතුටුදායක නැත.

අවිෂ්ක ප්‍රනාන්දු සහ නායක දසුන් ශානක එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නංවන ලද ලකුණු 111 ක නොබිඳුණු සම්බන්ධතාවයත් ළහිරු කුමාර ඇතුළු වේග පන්දු යවන්නන් විසින් කඩුලු 8 ක් දවා ගැනීමට සමත්වීමත් හේතුවෙන් ඕමානයට එරෙහිව ලකුණු 19 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකිවිය.

ඕමානය සමග පැවති පළමු විස්සයි විස්ස තරගයේදී අවිශ්ක ප්‍රනාන්දු අන්ක 4 ස්ථානයේ ක්‍රීඩා කරමින් සාර්ථක වූ නිසා දෙවන තරගයේදීද ඔහු එම ස්ථානයේම ක්‍රීඩා කරනු ඇත. කුසල් පෙරේරා එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය හේතුවෙන් තව දුරටත් විවේක ගැන්විමට කණ්ඩායමේ කළමනාකාරිත්වය තිරණය කර ඇත.

එළඹෙන ලෝක කුසලානයට පෙර අද පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – ඕමාන අවසන් විස්සයි විස්ස තරගාවලියේ ආරම්භක පිතිකරු යුගලය ලෙස දිනේෂ් චන්දිමාල් සමගින් දනන්ජය ද සිල්වා ඉනිම ආරම්භ කිරිමට නියමිත බවට විශ්වාසනීය ආරන්ච් මාර්ග තහවුරු කරයි.

1.  දිනේෂ් චන්දිමාල්

2. ධනන්ජය ද සිල්වා

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *