ලෝක කුසලානය උදෙසා ශ්‍රී ලංකාවෙන් අලුත් උපායක් – සම්පූර්ණ විස්තරය

Sports News

2021 අයි.සී.සී පිරිමි විස්සයි විස්ස ලෝක කුසලානයේ හත්වන අදියර ලෝක කුසලාන තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ 2021 ඔක්තෝබර් 17 සිට 14 නොවැම්බර් දක්වා පැවැත්වීමට සියලුම කටයුතු මේ වනවිටත් සුදානම් කොට ඇත. එමහේතුවෙන් එළඹෙන ලෝක කුසලානය උදෙසා ශ්‍රී ලංකා කණ්ඩායම විවිධ වෙනස්කම්, උපක්‍රම අනුගමනය කරමින් සාර්ථක වන්නට කටයුතු කරන බවට ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා පැවසුවේය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරන යුගලයේ වෙනසක් සිදුකිරීමට අපේක්ෂාවෙන් සිටින බව කණ්ඩායමේ අභයන්‍තර ආරන්ච් මාර්ග සදහන් කරයි. පසුගිය කාලයේ පැවති තරගාවලින් වලදී ආරම්භක පිතිකරන යුගලයේ විවිධ වෙනස්කම් රැසක් සිදුකළ ද ඒ කිසිවක් සාර්ථක වූයේ නැත.

එමහේතුවෙන් කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවෙකු ලෙස කටයුතු කරන ධනංජය ද සිල්වා ආරම්භක පිතිකරුවෙකු ලෙස එවීමට මේ වනවිට කතාබහක් ඇතිව තිබේ. උපනායක ධනන්ජය ද සිල්වා පසුගිය කාලයේ පැවති කිසිම තරගයක ලකුණු අතරට පැමිණිමට අසමත් විය.

උපනායක ධනංජය ද සිල්වා නොම්මර හතර, පහ ස්ථාන වක ක්‍රීඩා කළ නමුත්, එම ස්ථානයන්ගේ සාර්ථක වීමට ඔහුට හැකි වූයේ නෑ. ඒ හේතුවෙන් ඔහු මෙලෙසට ආරම්භක පිතිකරණ ස්ථානයේ අත්හදා බැලීමට සුදානම් කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *