විදෙස් ක්‍රීඩකයින් 677 ක් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට ලියාපදිංචි වෙයි

Sports News

මෙවර ලංකා ප්‍රිමිය ලීග් තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස 4 වැනිදා සිට 23 දක්වා පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සලය නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ. මෙවර ලංකා ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරිමට ලොව පුරා සිටින ක්‍රිකට් තරු සහභාගි වෙයි. ෆැෆ් ඩුප්ලෙසි, ඇන්ඩෲ රසල්, ක්‍රිස් ගේල්, සහිඩ් අෆ්රිඩි, ඩේවිඩ් මලාන් ශායි හෝප්, ෂොයිබ් මලික් ඇතුළු ලොව පුරා සිටින විශාල ක්‍රිඩකයින් සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිත බවයි වාර්ථා වෙන්නේ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ( LPL Player Draft ) ක්‍රීඩක තෝරා ගැනීම ලබන 29 වන සිකුරාදා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.මේ වනවිට විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය ද අවසන් වී ඇති බවටයි වාර්ථා වන්නේ. ඒ අනුව විදෙස් ක්‍රීඩකයින් 677 දෙනෙකු LPL තරඟාවලිය සඳහා ලියාපදිංචි වී සිටිනවා.

කණ්ඩායම් හිමිකරුවන් වෙත යොමු කිරීමෙන් පසු එම ක්‍රීඩකයින් ගෙන් 200 දෙනෙකු පමණ ක්‍රීඩක සංඛ්‍යාවක් තෝරා ගැනීමට යොමු කිරිමට නියමිතයි. එමෙන්ම දේශීය ක්‍රීඩකයින් 380 දෙනෙකු ද ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ලියාපදිංචි වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *