විස්සයි විස්ස ලෝක කුසලාන වංශකතාවේ ශ්‍රී ලාංකේය ගමන් මග – සම්පූර්ණ විස්තරය

Sports News

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් හඳුන්වා දුන් විස්සයි විස්ස තරග රටාව නැතහොත් සීමිත පන්දුවාර තරග රටාවේ නියමයන් යටතේ පැවති ප්‍රථම තරගය 2005 පෙබරවාරි මස 17 දින ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවැත්වීය. මෙම සංකල්පය එන්න එන්නම ලෝක ක්‍රිකට් තුල ප්‍රචලිත විය. ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම වරට විස්සයි විස්ස තරගයක් නියෝජනය කරන්නේ 2006 වසරේදීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2006 වර්ෂයේ සිට විස්සයි විස්ස පිටිය තුල පැමිණි ගමන් මග තුල 2021 සැප්තැම්බර් වන විට ශ්‍රී ලංකාව විස්සයි 20 තරග 140 කට ක්‍රීඩා කර ඇති අතර එමඟින් ජයග්‍රහණ 62 ක්, පරාජයන් 74 ක් ලබාගෙන ඇත. එය ප්‍රතිශතයක් ලෙස ගත්විට ජයග්‍රාහක ප්‍රතිශතය 45.65 කි.

2007 විස්සයි විස්ස ලෝක කුසලානය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම කෙන්යාව සමඟ පැවති තරගයේදී ලබාගත් ලකුණු 260/3 ශ්‍රී ලංකාව විස්සයි විස්ස ආකෘතිය තුල ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. ශ්‍රී ලංකා කණ්ඩායම 2007 දී සිය කුළුදුල් විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට මුහුණදෙනවා. C කාණ්ඩය යටතේ මූලික වටයට එක් වූ ශ්‍රී ලංකාවට එම කාණ්ඩයෙන් කෙන්යාව සහ නවසීලන්තය යන ප්‍රතිවාදීන් සමගින් තරඟ වැදීමට සිදු විය.

පළමු තරඟය කෙන්යාව සමග විය මෙය ලෝක වාර්තාගත තරඟයකි. ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලාන පිටියේ මුහුණ දුන් පළමු තරඟයේදීම ලකුණු 260ක් රැස් කළේ විස්සයි විස්ස පිටියේ රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තාවක් තබමිනි. එම වාර්තාව වසර 10 ක පමණ කාලයක් නොබිඳී පැවතුනි. අදටත් විස්සයි විස්ස ලෝක කුසලාන පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වන්නේ මේ ලකුණු 260 යි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සනත් ජයසුරිය විසින් පන්දු 44 කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් සමගින් වේගවත් ලකුණු 88ක් රැස් කළ අතරම මහේල ජයවර්ධන පන්දු 27 කින් ලකුණු 65ක් රැස් කළේය. ඉනිමේ අවසන් භාගයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ජෙහාන් මුබාරක් විසින් පන්දු 13 කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 46ක් රැස් කරන ලදී.

මෙම තරගාවලියේ වීරයා සම්මානය දිනා ගැනීමට සනත් ජයසූරිය සමත්විය. එකළ විස්සයි විස්ස පිටිය තුල සිටි ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු ලෙස නම් දරා සිටියේ සනත් ජයසූරියයි ක්‍රිකට් විස්තරය විචාරකයින් ඔහුට හැදින්වූ යේ මාස්ටර් බ්ලාස්ටර් ලෙසිනි.

විස්සයි විස්ස පිටිය තුල පැමිණි ගමන් මාර්ගය තුල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2014 වර්ෂයේදී ලෝක ශූරයින් බවට පත්වෙමින් සිය කුළුඳුල් ලෝක කුසලානය ජයග්‍රහණය කිරිමට හැකිවිය. මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ඕමානයේ සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ තව නොබෝ දවසකින් ආරම්භ වෙයි. මෙවර ද විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරිමට අපේ ක්‍රිකට් කණ්ඩායමට හැකිවේවායැයි අපි ප්‍රර්ථනා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *