T20 ලෝක කුසලානයේ ජයග්‍රාහකයින්ට ලැබෙන අතිවිශාල මුදල් ත්‍යාගය මෙන්න

Sports News

මෙවර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අයි.සී.සී පිරිමි විස්සයි විස්ස ලෝක කුසලානයේ ජයග්‍රාහකයින්ට ඩොලර් මිලියන 1.6 ක ත්‍යාග මුදලක් පිරිනමන අතර අනුශූරයින්ට ඩොලර් 800,000 ක් ගෙවනු ඇත. පරාජයට පත් වූ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අනෙකුත් කණ්ඩායම් දෙකට ඩොලර් 400,000 ක ත්‍යාග මුදලක් පිරිනැමීමට කටයුතු කරයි.

එමෙන්ම සමස්තයක් වශයෙන්, සහභාගී වන කණ්ඩායම් 16 සඳහා ඩොලර් මිලියන 5.6 ක මුදලක් වෙන් කර ඇත. 2016 පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී මෙන්ම මෙවරත් සුපිරි 12 අදියර තුළදී සෑම ජයග්‍රහණයක් සඳහාම බෝනස් මුදලක් ප්‍රදානය කිරීමට අයිසීසීය කටයුතු කර ඇත.

සුපර් 12 අදියරේදී පැවැත්වීමට නියමිත තරඟ 30 කම ජයග්‍රාහකයින්ට ඩොලර් 40,000 ක මුදලක් ගෙවයි. සුපිරි 12 අදියරෙන් ඉවත් වූ කණ්ඩායම් සඳහා ඩොලර් 70,000 බැගින් මුදල් පිරිනමන අතර එහි මුළු වටිනාකම ඩොලර් 560,000 කි.

පළමු වටයට සහභාගී වන කණ්ඩායම් අට වන්නේ බංග්ලාදේශය, අයර්ලන්තය, නැමීබියාව, නෙදර්ලන්තය, ඕමානය, පැපුවා නිව්ගිනියාව, ස්කොට්ලන්තය සහ ශ්‍රී ලංකාවයි. මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ පැවැත්වෙන තරගාවලියේ සුපිරි 12 අදියර සඳහා ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පකිස්ථානය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් 8 සහභාගි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *