ප්‍රධාන ධාරාවේ පන්දු යවන්නන්ට වඩා කඩුලු ලබා ගත් අර්ධකාලීන පන්දු යවන්නන්

Sports News

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවේ බිහිවූ සමහර ප්‍රධාන ධාරාවේ පන්දු යවන්නන්ට වඩා කඩුලු ප්‍රමාණයක් ලබා ගත් අර්ධකාලීන ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සිටිති. අර්ධකාලීන යනුවෙන් අදහස් කළේ ඔවුන් තුන්ඉරියව් ක්‍රිඩකයන් එනම් පිතිකරනයෙන්, පන්දුරැකීමෙන්, පන්දුයැවිමෙන් දස්කම් පාන ක්‍රිඩකයන් වේ. එවැනි පන්දු යවන්නන් 6 දෙනෙකු ගැන මේසේ හැදින්විය හැක.

1. Sachin Tendulkar

සචින් තෙන්ඩුල්කාර් ජාත්‍යන්තර කඩුලු 201 ක් බිඳ හෙළමින් සිය වෘත්තීය ජීවිතය අවසන් කළේය. ඔහු වෘත්තීය දිවියේ අවසානය වන විට ඔහු පන්දු යැව්වේ ඉතා අල්ප වශයෙනි. නමුත් ඔහු මුලින්ම ක්‍රීඩා කරන විට ඉන්දියාව වෙනුවෙන් පන්දු යවමින් සිය කණ්ඩායමට තීරණාත්මක ජයග්‍රහණ කිහිපයක් ලබාගැනීමට සහයෝගය ලබා දුන්නේය.

2. Shoaib Malik

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල ෂොයිබ් මලික් දවාගත් මුළු කඩුලු සංඛ්‍යාව 218 කි. මලික් ඇත්තෙන්ම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ක්‍ෂේත්‍රයට පිවිසි නමුත් ඔහුගේ වෘත්තීය දිවියේ ඉදිරියට යත්ම ඔහු සිය පිතිකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ අතර පාකිස්තානය සඳහා අර්ධකාලීන පන්දු යවන්නෙකු ලෙස කටයුතු කළේය.

3. Sourav Ganguly

සෞරව් ගංගුලි සිය ක්‍රිකට් දිවිය අවසන් කිරිමට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කඩුලු 100 කට වඩා ලබා ගෙන ඇත.දඟ පන්දු යැවීමට වඩා මොහු මධ්‍යම වේග පන්දු යැවීමේ නිරත වූ අතර ගංගුලි ඉන්දියාව සඳහා දුර්ලභ අර්ධකාලීන පන්දු යවන්නෙකු ලෙස කටයුතු කළේය.

4. Mohammed Hafeez

මොහොමඩ් හෆීස් දශක එක හමාරක පමණ කාලයක් පාකිස්තානයේ ඉහළ පෙළේ පිතිකරුවෙකු ලෙස කටයුතු කළේය. ඇත්ත වශයෙන්ම ඔහු පිතිකරනයට වඩා පන්දු යැවිමට ඇලුම් කළේය. හෆීස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුලු 246 ක් රැස් කිරිමට සමත්විය.

5. Andrew Symonds

සයිමන්ඩ්ස්ට එතරම් වේගයකින් පන්දු යොමු කිරිමට අසමත් වුවත් ඔහු නිතරම පිතිකරුවන්ට හිසරදයක් විය. මෙම ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩකයා ජාත්‍යන්තර කඩුලු 165 ක් ලබා සිය වෘත්තීය ජීවිතය අවසන් කළේය.

6. Sanath Jayasuriya

ශ්‍රී ලංකාවේන් බිහිවූ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු සනත් ජයසූරිය ජනප්‍රිය දග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ඕස්ට්‍රේලියානු ජාතික ෂේන් වෝන් ට වඩා එක්දින කඩුලු ප්‍රමාණයක් ලබාගෙන ඇත. වෝර්න්ගේ එක්දින ජාත්‍යන්තර දිවියේ ලබාගෙන ඇත්තේ කඩුලු 293 ක් පමණි නමුත් ජයසූරිය කඩුලු 323 ට වඩා ලබාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *