වනිදු තරගයක් වෙනස් කල හැකි විෂිශ්ඨ ගණයේ ක්‍රීඩකයෙක් – නසාර් හුසේන්

Sports News

නසාර් හුසේන් ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන අතර ක්‍රිකට් විස්තර විචාරයේ නියුතු පුද්ගලයන් අතරින් ඔහුට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඔහු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර 1999 සහ 2003 අතර කාලය තුළ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය.

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින නැගී එන ක්‍රිකට් ක්‍රිඩකයෙක් වන වනිදු හසරන්ගේ ක්‍රිඩා විලාසය දුටු ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක නසාර් හුසේන් මහතා වනිදු ගැන මෙලෙස අදහස් දැක්විය.

වනිදු හසරන්ග ඉතාමත් දක්ෂ තුන්ඉරියව් ක්‍රිඩකයෙක් වන අතර ඔහු තරගයක් වෙනස් කල හැකි විෂිශ්ඨ ගණයේ ක්‍රිකට් ක්‍රිඩකයෙක් මෙන්ම තරග දිනවන්නෙක් ඔහු පන්දුවෙන් මෙන්ම පිතිකරනයෙන්, පන්දුරැකීමෙන් සිය කණ්ඩායමට උපරිමය ලබාදෙනවා. මොහුට ක්‍රිකට් ක්‍රිඩාව තුල ඉතා හොද අනාගතයක් තියෙනවා.

වර්තමාන විස්සයි විස්ස ශේණිගත කිරිම්වල වනිදු පසුවන්නේ 2 ස්ථානයයි. එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය තරගාවලිය තුල ඔහුට විස්සයි විස්ස පිටියේ පන්දුයවන්නන් අතර ප්‍රථමයා බවට පත්විමට වැඩි ඉඩක් පවතී. වසර ගණනාවකට පසුව ශ්‍රී ලාංකික පන්දුයවන්නෙක් විස්සයි විස්ස පිටිය තුල මුල් ස්ථාන අතරට පැමිණ ඇත. ඔහුට එළඹෙන විස්සයි විස්ස තරගාවලිය තුලින් විස්සයි විස්ස පිටියේ හොදම පන්දු යවන්නා වීමට හැකිවේවායැයි අපි ප්‍රර්ථනා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *