කණ්ඩායමේ අවශ්‍යතා අනුව ක්‍රීඩා කරන්න මම සූදානම් – දිනේෂ් චන්දිමාල්

Sports News

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා එක්සත් අරාබි එමීර්හි අබුඩාබි නුවරට පැමිණ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරග වටයට පෙර බංග්ලාදේශ පිලට එරෙහිව සහභාගිවන වන පළමු පුහුණු තරගය අද අබුඩාබිහි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මෙම තරගය සදහා ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය සහභාගි වූ වනිදු හසරන්ග සහ දුෂ්මන්ත චමීර යන ක්‍රිඩක දෙපලද අද පැවැත්වෙන පුහුණු තරගය සදහා ක්‍රිඩා කරයි.

ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී හිටපු නායක දිනේෂ් චන්දිමාල් වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.

විශේෂයෙන්ම අපි ඕමාන් එන්න කළින් ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කළ පුහුණු තරග වලදී, අවිෂ්ක ප්‍රනාන්දු ක්‍රීඩා කරවන්න යොදා ගත්තේ නොම්බර 4 ස්ථානයෙන්. මං හිතන්නේ ඔහු ඒ පුහුණු තරග 3 දීත් සහ ඕමාන්ට එරෙහිව පැවැති තරග 2 දීත් ඉතාම හොඳන් පන්දුවට පහර දුන්නා. ඇත්තටම අපි ගාව හොඳ සැලසුමක් තියෙනවා. ඒ සැලසුමේ විදියට හරියාකාරව එය එදා දවසේදී ක්‍රියාත්මක කරන්න පුලුවන් නම් මං හිතන්නේ අපිට සෑහෙන ගමනක් යන්න හැකියාවක් තියෙනවා මේ තරගාවලියෙදි.

දැනට මට පැවරිලා තියෙන රාජකාරිය තමයි ආරම්භක පිතිකරුවාට අමතරව කඩුලු රැකීමේ කාර්යය ඉටු කරන එක. එමෙන්ම කුසල් පෙරේරා සුව අතට පත් වෙලා තියෙනවා. මට පන්දු රකින්නත් හැකියාව තියෙනවා. කණ්ඩායමේ අවශ්‍යතාව අනුව මට පිතිකරණ ලැයිස්තුවේ ඕනෑම තැනක ක්‍රීඩා කරන්න හැකියාව තියෙනවා. නමුත් මට දැනට නියම වෙලා තියෙන්නේ කඩුලු රකින්නා සහ ආරම්භක පිතිකරුවා විදියට කාර්යය ඉටු කිරිමට නමුත් මම කණ්ඩායමේ අවශ්‍යතාව අනුව ඉදිරි තරග ක්‍රිඩා කිරිමට බලාපොරොත්තු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *