ඇන්ජලෝ මැතිව්ස් ඉදිරි ක්‍රිකට් තරගාවලි සඳහා සූදානම් – සම්පූර්ණ විස්තරය

Sports News

ඇන්ජිලෝ මැතිව්ස් පසුගිය කාලයේ තමාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වගකීම් වලින් තාවකාලිකව නිදහස් කරන ලෙස ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේන් ඉල්ලා සිටියා. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නැවත දැනුම් දෙන තුරු සිය පවුද්ගලික හේතුන් මත එම ඉල්ලීම සිදු කල බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර තිබුණා.

එමෙන්ම ශ්‍රී ලංකාවේන් බිහිවූ විශිෂ්ටතම තරග අවසන් කරන්නා ලෙස හැදින්වෙන සුපිරි තුන්ඉරියව් ක්‍රිඩක ඇන්ජිලෝ මැතිව්ස් නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කර ඇති බවටයි වාර්ථා වෙන්නේ. ඒ අනුව ඇන්ජිලෝ මැතිව්ස් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ තමා ඉදිරි ක්‍රිකට් තරගාවලි වෙනුවෙන් ක්‍රිඩා කිරිමට සුදානමින් සිටින බවයි.

එමෙන්ම මැතිව්ස් එළඹෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කිරිමට නියමිතව ඇති බවටයි වාර්ථා වෙන්නේ. ඔක්තෝම්බර් 27 වෙනිදා ඇරඹෙන මෙරට දේශීය ක්‍රිකට් තරගාවලියේදී මැතිව්ස් කොල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරිමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *