මෙන්ඩිස්,දික්වැල්ල, ගුණතිලක යළිත් දේශීය ක්‍රිකට් පිටියට – සම්පූර්ණ විස්තරය

Sports News

ඊයේ පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ දී තරග තහනමට ලක්වූ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දනුෂ්ක ගුණතිලක යන ක්‍රිඩකයින් තිදෙනාට දේශිය ක්‍රිකට් තරඟ ක්‍රිඩා කිරීමට අවසර ලබාදීමට තීරණය කොට ඇති බව Daily mirror පුවත්පත වාර්ථා කොට ඇත. ඒ අනුව ඔවුන්ට පනවා ඇති දඩ මුදල් ගෙවා අවසන් කළ යුතුය.

ජුනි මස පැවති එංගලන්ත – ශ්‍රී ලංකා තරග සංචාරයේදී ජෛව ආරක්ෂක බුබුලෙන් ඉවත් වීමේ චෝදනාවට කුසල් මෙන්ඩිස්,නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන් තිදෙනාට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් හා මාස 6ක දේශීය තරග තහනමක් පැනවීය. මීට අමතරව සෑම ක්‍රීඩකයෙකුටම මිලියන 10 බැගින් වූ දඩ මුදල් ගෙවීමටද නියම විය.

අන්තර් සමාජ දේශීය එක්දින තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 27 වනදා ආරම්භ වීමට නියමිත අතර මෙන්ඩිස්, දික්වැල්ල හා ධනුෂ්ක යන ක්‍රීඩකයන් තිදෙනාට නැවත වරක් ක්‍රිකට් පිටියට පිවිසීමට නියමිතයි. එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා මොවුන් තිදෙනා නොමැතිවීම කණ්ඩායමට විශාල පාඩුවකි. වර්තමාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලෙස කටයුතු කලේ කුසල් පෙරේරා සමගින් දනුෂ්ක ගුණතිලක වේ ගුණතිලක එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සදහා නොමැතිවීම කණ්ඩායමට දරාගත නොහැකි පාඩුවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *