අගමැති පුත් රෝහිත ක්‍රිකට් පිටියට – සම්පූර්ණ විස්තරය

Sports News

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පන්දුවාර 50 අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය තුලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩාවට ඇතුලත් වීමට තීරණය කර ඇති බව සමාජ මාධ්‍ය වාර්ථා කරනවා.

රග්බි ක්‍රිඩකයෙකු වන මොහු කළුතර ක්‍රිඩා සමාජය හා එක්ව පුහුණුවීම් කටයුතු කරන බවටයි වාර්ථා වෙන්නේ. මොහුගේ බලාපොරොත්තුව මෙමගින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පිවිසීමයි. එළඹෙන පන්දුවාර 50 තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් හඳුනා ගැනීම සඳහා පැවති පුහුණු තරගයට ද රෝහිත රාජපක්ෂ මහතා ක්‍රිඩා කර ඇති බවටයි වාර්ථා වෙන්නේ.

ඕවර 50 තරගාවලිය ඔක්තෝබර් 27 දා ආරම්භ වීමට නියමිතයි. ලංකා ප්‍රිමියර් ලීග් පෙර තරගාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව බලාපොරොත්තු වේ. කොළඹ, මහනුවර, දඹුල්ල, ගාල්ල සහ යාපනය යන කණ්ඩායම් 5 ක සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *