ක්‍රිකට් ලොව මවිත කල තිලකරත්න ඩිල්ශාන් ගේ ජිවිත කතාව

Sports News

1976 වසරේ ඔක්තෝම්බර් 16 වන දින මෙලොව එළිය දකින තුවාන් මොහමඩ් ඩිල්ෂාන් උපතින් ඉස්ලාම් භක්තිකයෙකු වූ අතර ඔහුගේ පියා මැලේ ජාතිකයෙක් විය. මව බුද්දාගම ඇදහුවද ඩිළ්ෂාන් උපන්නේ ඉස්ලාම් ආගමිකයෙකු ලෙසයි. පියාගේ ගමන් මග යමින් කුඩා කළ සිටම පාපන්දු ක්‍රීඩාවේ නිරත වූ දිල්ෂාන් මූලික අධ්‍යාපනය ලබන්නේ යාපනය මහා විද්‍යාලයෙනි.

නමුත් ඉන්පසුව කලුතර මහා විද්‍යාලයට ඇතුලු වීමත් සමගින්, දිල්ශාන්ගේ පාසල් ක්‍රිකට් දිවිය ඇරඹෙන අතර දිල්ෂාන්ගේ එම හැකියාව අදුරාගනු ලබන්නේ එවකට කලුතර මහා විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරුවෙකු වූ සුනිල් සලුවඩුවන මහතා විසිනි. උපතින් ඉස්ලාම් ආගමිකයෙකු වී දිල්ශන් වයස අවුරුදු 16 දී බෞද්ධාගමිකයෙකු බවට පත් වේ. ඔහුගේ සහෝදරයාත්, සහෝදරියත් බෞද්ධාගමික වු බැවින් , දිල්ශාන්ද වයස අවුරුදු 16 දී බෞද්ධාගමිකයෙකු වූ බව සදහන් කරයි.

පාසල් කාලයේ පටන් ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූ නොමද ආශාවත්, කැපවීමත් හේතුවෙන් වයස අවුරුදු 13 න් පහල සහ 19 පහල කණ්ඩායම නියෝජනය කිරීමට පවා දිල්ශාන් දක්ෂයෙකු විය. පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේන් ජාත්‍යන්තර තලයට පා සටහන් තබනා දිල්ෂාන් ඔහුගේ 1999 වසරේ නොවැම්බර් 18 වන දින සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තම ජාත්‍යන්තර මංගල ටෙස්ට් තරගයට සහභාවි වීමේ අවස්තාව හිමි කර ගන්නා ලදි.

මංගල ටෙස්ට් තරගයේදී එතරම් දක්ෂතා පෙන්වීමට නොහැකි වුවද , දිල්ෂාන් ලකුණු 9 ක් ලබා ගනිමින් සිය ක්‍රිකට් දිවිය අරඹන්නට පටන් ගන්නා ලදී. කඩුල්ලට මුවා කිරීමේ වරදට හසු වීම හේතුවෙන් මුල්ම තරගයෙන් එතරම් දක්ෂතා අතරට ඒමට නොහැකි වුව ද , සිම්බාබ්වේට එරෙහිව දෙවනි ටෙස්ට් තරගයේදී මංගල ටෙස්ට් ශතකය වාර්තා කරන දිල්ෂාන් එහිදී නොදැවී ලකුණු 163 ක් ලබා ගැනීමට සමත් වෙයි.

ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ දිල්ෂාන්ගේ හොදම ඉණිම ලෙස සටහන් වනුයේ ඔහු විසින් 2012 වසරේදී එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් පිටියේදී ලබාගත් අගනා ලකුණු 193 යි. මෙය ඔහුගේ හොදම ඉණිම ලෙස සටහන් වීම විශේෂත්වයකි. ටෙස්ට් ක්‍රීඩාවෙන් සමු ගන්නා විට තරග 87 කදී, ලකුණු 5492 ක් ලබාගෙන සිටි අතර එයට ශතක 16 ක් සහ අර්ධ ශතක 23 ක් ඇතුලත් වුනි. පිතිකරණයට පමණක් නොව , පන්දු යැවීමටත් , පන්දු රැකීමටත් දක්ෂයකු වූ මොහු ටෙස්ට් කඩුලු 39 ක් බිද හෙලා ඇත.

ටෙස්ට් ක්‍රීඩාවේ මෙන් ම එක්දින ක්‍රීඩාවේ පමණක් නොව විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේද , පෙරළියක් ඇති කරවූ ක්‍රීඩකයෙකු ලෙස දිල්ෂාන් හැදින්විය හැක. ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිත වූ සමයක, වසර 17 ක් පුරාවට කණ්ඩායමේ ප්‍රධාන පුරුකක් ලෙසින් තම සේවය ඉහළ අයුරින්ම කළ ක්‍රීඩකයෙකු ලෙස දිල්ෂාන් හැදින්විය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *