එළඹෙන ලෝක කුසලානයට ක්‍රීඩා කල හැකි ශ්‍රී ලන්කා කණ්ඩායමේ සංයුතිය

Sports News

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භයට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පැවති ශ්‍රී ලංකා – ඕමාන තරගාවලිය 2-0 ලෙස ජයග්‍රහණය කරමින් පැවති පුහුණු තරග දෙකත් ජයග්‍රහණය කරමින් ජයග්‍රහි මානසිකත්වයෙන් සිටි. මේ වන විට සියලුම කණ්ඩායම් සුදානම්ව සිටියි. සියලුම කණ්ඩායම් බලාපොරොත්තු ඇතිව ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට උස්සාහ කරයි. ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගය ඔක්තෝබර් 18 වන දින නැමීබියාව සමගින් පැවැත්වෙන අතර 20 දින අයර්ලන්තය සමඟින් ද 22 දින නෙදර්ලන්තය කණ්ඩායමත් සමගින්ද පැවැත්වේ.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වෙන්නේ ඕමානයේ සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නිසාවෙන් එම තණතීරු වල හැටියට බොහෝවිට වේගපන්දු යවන්නන් දෙදෙනෙකු හා දග පන්දු යවන්නන් දෙදෙනෙකු සමගින් එක් තුන්ඉරියව් ක්‍රිඩකයෙකු ක්‍රිඩා කරවන්නට බලාපොරොත්තු වෙන බව ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා පවසයි. එමෙන්ම ආරම්භක පිතිකරු කුසල් ජනිත් පේරේරා යහපත් සුවයෙන් සිටින නිසා ඔහු ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරනු ඇත.

කණ්ඩායමේ මුල්පෙල පිතිකරුවන් ලෙස කුසල් පෙරේරා , අවිශ්ක , බානුක හා ධනන්ජය ක්‍රීඩා කරන්නට ඉඩ ඇති අතර , චරිත් හා දසුන් මැදපෙල පිතිකරුවන් ලෙස කටයුතු කරනු ඇත. කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා ලෙස දුෂ්මන්ත චමීර කටයුතු කරයි. ප්‍රධාන දග පන්දු යවන්නා ලෙස පා දග පන්දු යවන ක්‍රිඩක වනිදු හසරන්ග කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *