සනත් මුලු ක්‍රිකට් ක්‍රීඩාවම වෙනස් කලා ග්ලේන් මැග්‍රාත් කියූ කතාව මෙන්න

Sports News

එදා මෙදා තුර ලොව බිහිවූ වේගවත්ම ආරම්භක පිතිකරුවෙකු ලෙස සැලකෙන සනත් ජයසූරිය මහතා හැදින්වේ. එකළ පන්දු යවන්නන්ගේ බියකරු සිහිනය වූ සනත් ජයසූරිය ලොව බිහිවූ විශිෂ්ටතම පන්දු යවන්නන් අසරණ කිරිමට සමත්විය. නම් දරාපු වේගපන්දු යවන්නන්, දගපන්දු යවන්නන්ට එදිරියේ සනත් ජයසූරියගේ ප්‍රහාරාත්මක පිතිකරණය හමුවේ සියලුම පන්දුයවන්නන් අසරණ බායට පත් උනා. 90 දශකයේ සනත් ජයසූරිය හා කලුවිතාරන එක්ව එතෙක් පැවති ක්‍රිකට් ක්‍රිඩාව වෙනස් කරමින් පළමු ඕවර 10 තුල වේගයෙන් පහරදීමට ලොවට හදුන්වා දුන්නා.

එම තරග රටාව පසු කලක වඩාත් ප්‍රචලිත වූ අතර අද වන විට ප්‍රබල කණ්ඩායම් මේ සදහා වේගවත් ආරම්භක පිතිකරුවන් යොදාගන්නවා. ඉතින් එකල සනත් සමග ක්‍රීඩා කල විශිශ්ට වේග පන්දු යවන ක්‍රීඩක ග්ලේන් මැග්‍රාත් සනත් ගැන මෙලෙස අදහස් දැක්වීය.

සනත් කියන්නේ අති විශිශ්ට ක්‍රීඩකයෙක්. සනත්ව ඉක්මනින් දවාගත්තේ නැතිනම් තරගය අනෙක් පිලට ගොඩක් අසීරු වෙනවා. මොකද සනත්ට තරගයක් වෙනස් කරන්න පන්දු කිහිපයක් ඇති. ක්‍රීඩකයෙකුට ලැබිය හැකි ලොකුම ගෞරවය තමයි ඔහු එම ක්‍රීඩාව වෙනස් කලා කියන්න පුලුවන් වීම.

1996 වසරේ සනත්ගේ වේගවත් ආරම්භයන් මුල් පන්දුවාර 10 තුල ක්‍රීඩා කල යුතු ආකාරය වෙනස් කලා. ඊට පස්සේ හැමෝම වේගයෙන් ඉනිම අරඹන්න පුරුදු වුනා. කෙලින්ම කිවුවොත් සනත් ක්‍රිකට් වෙනස් කලා. යනුවෙන් මැග්‍රාත් සනත් ගැන අදහස් දැක්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *