ක්‍රිකට් ප්‍රේක්ෂකයින් වෙනුවෙන් මුරලිගෙන් අලුත් වැඩක් – සම්පූර්ණ විස්තරය

Sports News

විසිඑක්වන සියවසේ බිහිවූ වටිනාම ක්‍රිකට් ක්‍රිඩකයා ලෙස තේරී පත්වූ ලොව වැඩිම ටෙස්ට් හා එක්දින කඩුළු ලාභියාගේ වාර්තා වලට හිමිකම් කියන , ලොව මෙතෙක් බිහිවු විශිෂ්ටතම පිට දඟපන්දු යවන්නා වන ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් අලුත් කාර්යයක් ආරම්භ කිරීමට සුදානම් වන බව වාර්තා වෙයි.

සදහන් වන ආකාරයට මුත්තයියා මුරලිදරන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග එක්ව ලොව පුරා සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තීරු ලිපි මාලාවක් ප්‍රකාශයට පත් කිරිමට නියමිත බවයි. ලොව පුරා බිලියන 2.5 ජනතාවක් ක්‍රිකට් ක්‍රිඩාව නරඹන අතර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක් මිලියන 200 අධික සංඛ්‍යාවක් නරඹයි.

ක්‍රිකට් ක්‍රිඩාව නරඹන රටවල් අතර, ඉන්දියාව, පාකිස්ථානය සහ ඕස්ට්‍රේලියාව ප්‍රමුඛස්ථානය ගනී. ලොව පුරා සිටින ක්‍රිඩා ලෝලීන් වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලෝක පුජීත ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් එක්ක තීරු ලිපි මාලාවක් ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *