විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරඟයට ඇති සූදානම.

Sports News

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම් වීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දෙනු ලබන පුහුණු තරග ශ්‍රී ලංකා කණ්ඩායමේ පැවති පළමු තරඟය ඕමානය සහ දෙවන තරගය පැපුවා නිව්ගිනියා සමග පැවැත්විණි. පැවති තරග දෙකම විෂිශ්ඨ ලෙස ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. විස්සයි විස්ස ලෝකකුසලානයේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරඟය එළඹෙන 18 වන දින නැමීබියාව සමග වේ.

මේ වන විට පැවති විස්සයි විස්ස තරග ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහී මානසිකත්වයෙන් සිටී. ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ට එළඹෙන තරග සියල්ලට සහභාගි වීමට හැකියාව ඇති බව වාර්ථා වේ. පුහුණුවීම් සියල්ල සාර්ථක ලෙස අවසන් කල ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට යහපත් මානසිකත්වයෙන් පෙළෙයි.

පුහුණුකරු මීකී ආතර් සහ උපදේශක මහේල ජයවර්ධන මහතාගේ මග පෙන්විම යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි තරග ක්‍රිඩා කරනු ඇත. බොහෝ විට සුදුසුකම් ලැබිමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරඟයේ ආරම්භක පිතිකරු ලෙස කුසල් පෙරේරා සමගින් පැතුම් නිශ්ශංක ඉනිම ආරම්භ කිරිමට ඉඩ ඇත. තුන්ඉරියව් ක්‍රිඩකයින් ලෙස වනිදු හසරන්ග, චාමික කරුණාරත්න, දනන්ජය සිල්වා කටයුතු කරයි.

අවසන් ඉනිම කීපයේදීම ලකුණු අතර නොසිටි පැතුම් නිශ්ශංක බලාපොරොත්තු මල්ඵල ගන්වමින් පැපුවා නිව්ගිනියා තරගයේදී ලකුණු අතරට පැමිණියේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි. විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ ‘ඒ’ කාණ්ඩය නියෝජනය කිරීමට නියමිත ශ්‍රී ලංකාව එහි පළමු තරගය සඳහා ලබන 18 වැනිදා නැමීබියාවට එරෙහිව තරග වදිනු ඇත. එම තරග වටය යටතේ ශ්‍රී ලංකාව 20 වැනිදා අයර්ලන්තයට එරෙහිවද 22 වැනිදා නෙදර්ලන්තයට එරෙහිවද තරග වදිනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *