ලෝක කුසලානයේදී චරිත් අසලන්කට උසස්වීමක් සම්පූර්ණ විස්තරය

Sports News

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වඩාත් කතාබහට ලක්වෙන තරුණ ක්‍රිකට් ක්‍රිඩකයෙක් ලෙස චරිත් අසලන්ක හැදින්විය හැක. ඔහු පිඩනය හමුවේ නොසැලී ආකර්ෂණීය ලෙස පිතිකරනයේ යෙදෙයි. එක්දින තරඟ වල සුවිශේෂී දක්ෂතා දැක්වූ මොහු විස්සයි විස්ස තරග රටාවේදී ද සිය දක්ෂතාවය පෙන්නුම් කළේය. එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට වඩාත් වැදගත් පිතිකරුවෙකු වන මොහුගේ පිතිකරන ස්ථානයේ වෙනසක් කිරිමට යන බව විශ්වාසනීය ආරන්ච් මාර්ග තහවුරු කරයි.

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සදහා පැවති පුහුණු තරඟ වලදී ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ පිතිකරන ලැයිස්තුවේ යම් යම් වෙනස්කම් රැසක් සිදුවිය. එම හේතුවෙන් එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සදහා චරිත් අසලන්ක ක්‍රිඩා කරන ස්ථානයේ වෙනසක් අපේක්ෂා කළ හැක.

ශ්‍රී ලංකා විස්සයි විස්ස සන්චිතයේ නොම්බර 5 ස්ථානය ක්‍රිඩා කල චරිත් අසලන්ක එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරග වලදී නොම්බර 3 ස්ථානයේ ක්‍රිඩා කරවන්නට වැඩි ඉඩක් පවතී. නොම්බර තුනේ ස්ථානයේ ක්‍රිඩා කල ප්‍රවේගකාරි පිතිකරු භානුක රාජපක්ෂ නොම්බර 5 ස්තානයේ ක්‍රිඩා කරවන්න සුදානමක් ඇත එයට හේතුව භානුක රාජපක්ෂ හට දග පන්දු යවන්නන් හට වේගයෙන් පිතිකරනයේ යෙදිය හැකි නිසා ඔහුව මැද පෙළට ගෙන යා හැක.

මෙම වෙනස්කම් සමගින් හෙට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන ලෝක කුසලානය තරගාවලියේ ප්‍රථම තරගය ක්‍රිඩා කිරිමට වැඩි ඉඩක් පවති හෙට ශ්‍රී ලංකා – නැමීබියා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7.30 ආරම්භ විමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *