පැතුම් නිස්සංක ලෝක කුසලානයේදී දක්ෂතා දක්වනු ඇති බවට මම විශ්වාස කරනවා

Sports News

ශ්‍රී ලංකා ලෝක කුසලාන සන්චිතයේ නවක ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ඉහළ දස්කම් අතරට පැමිණෙනු ඇති බවට තමා විශ්වාස කරන බව නායක දසුන් චානක පවසයි.

අවසන් ඉනිම කීපයේදීම ලකුණු අතර නොසිටි පැතුම් නිශ්ශංක බලාපොරොත්තු මල්ඵල ගන්වමින් පැපුවා නිව්ගිනියා තරගයේදී ලකුණු අතරට පැමිණියේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් නායක දසුන් චානක මෙලෙස සිය කණ්ඩායමේ ලෝක කුසලාන සූදානම පිළිබඳව විස්තර කළේය.

අපේ පිතිකරණ අනුපිළිවෙල ස්ථාවරවෙලා තියෙනවා. අපි මෑතකදී අපේ අනුපිළිවෙල ටිකක් වෙනස් කළා. මම හිතන්නේ අපි හොඳ සමබරතාවයක් ඇති කර ගැනිමට සමත් වුනා. අපේ ක්‍රීඩකයින් තමන්ගේ ශක්තීන් අනුව දක්ෂතා දැක් වුවහොත් මට හිතෙන්නේ ඔවුන්ට මේ තරගාවලියේ බොහෝ දුරක් යා හැකියි. ශ්‍රී ලංකාවේ සිටින අපේ රසිකයන් අපේ සාර්ථකත්වය වෙනුවෙන් බොහෝ කාලයක් බලා සිටිනවා. මම බලාපොරොත්තුවෙනවා අපිට පුලුවන් වේවි කියලා ඔවුන්ව ආඩම්බරයට ලක් කරන්න යනුවෙන් නායක දසුන් චානක ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *