ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන පළමු තරඟයේ ආරම්භක පිතිකරු යුගලය

Sports News

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන ප්‍රථම තරගය නැමීබියා සමග අද රාත්‍රි 7.30 අබුඩාබි හී දී පැවැත්වීමට නියමිතයි. මෙම තරගය ජයග්‍රහණය කිරිම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් වන අතර මේ වන විට කණ්ඩායම යහපත් මානසික මට්ටමෙන් පෙළෙන බව විස්වසනීය ආරන්ච් මාර්ග තහවුරු කරයි. කණ්ඩායමක මුල් අත්තිවාරම දැමීමේ වගකිම මුල්පෙළ පිතිකරුවන්ට හිමිවන අතර ආරම්භක පිතිකරුවන් ගේ වගකීම වන්නේ කණ්ඩායමට ශක්තිමත් ආරම්භයක් ලබාදීමයි.

නොම්බර 1,2,3 ක්‍රිඩා කරන ස්ථාන කණ්ඩායමේ එන්ජිම ලෙස හදුන්වන්න පුලුවන් ඔවුන් ශක්තිමත් ආරම්භයක් ලබා දුන්නොත් තමා තරගයක් ජයග්‍රහණය කරා රැගෙන යන්න පුලුවන්. එම නිසා මුල්පෙළ පිතිකරුවන්ට එම වගකීම පැවරෙනවා. කණ්ඩායමේ වේගපන්දු යවන්නන් නිසියාකාරව ඔහුන්ගේ වගකිම ඉටු කරන බව දක්නට ලැබෙනවා. ප්‍රධාන වේගපන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර මෙම තරගාවලියේ දී විශාල දායකත්වයක් කණ්ඩායමට ලබාදෙයි. එමෙන්ම පා දග පන්දු යවන ක්‍රිඩක වනිදු හසරන්ග ප්‍රධාන දග පන්දු යවන්නා ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන පළමු තරඟය වන ශ්‍රී ලංකා – නැමීබියා තරගයේ ආරම්භක පිතිකරු යුගලය ලෙස යොවුන් ආරම්භ පිතිකරු පැතුම් නිශ්ශංක සමගින් ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් පෙරේරා කටයුතු කිරිමට වැඩි ඉඩක් පවතී.

1. කුසල් පෙරේරා

2. පැතුම් නිශ්ශංක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *