රශීඩ් ඛාන්ගේ හොදම විස්සයි විස්ස ක්‍රීඩකයන් 5 දෙනා – සම්පූර්ණ විස්තරය

Sports News

ඇෆ්ගනිස්තාන දගපන්දු යවන ක්‍රීඩක රශීඩ් ඛාන් සිය හොදම විස්සයි විස්ස ක්‍රීඩකයන් 5 දෙනා නම් කොට ඇත. මින් පෙර ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් හා බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලාඩ්ද සිය හොදම විස්සයි විස්ස ක්‍රීඩකයන් පස්දෙනා නම් කරනු ලැබීය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඔවුන්ගේ හොඳම විස්සයි විස්ස ක්‍රීඩකයින් 5 දෙනා නම් කරන ලෙස ඉල්ලා සිටින අවස්ථාවේදී රශීඩ් ඛාන් සිය හොදම විස්සයි විස්ස ක්‍රිඩකයින් 5 දෙනා නම්කරන ලදි එමෙන්ම රෂීඩ් තම රට වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ දක්‍ෂයෙකු වූ නමුත් එම ලැයිස්තුවට තමා ඇතුළත් නොකිරීමට ඔහු නිහතමානී විය.

රෂීඩ් ඛාන් ගේ හොදම විස්සයි විස්ස ක්‍රිඩකයින් පස් දෙනා මෙසේ පෙළගැස්විය හැක.

1. විරාට් කෝලි

2. කේන් විලියම්සන්

3. ඒබී ඩිවිලියස්

4. හර්දික් පාන්ඩයා

5. කිරන් පොලාඩ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *