මෙවර ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට – සම්පූර්ණ විස්තරය

Sports News

මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2022 දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය තීරණය කර ඇති බවට වාර්ථා වෙනවා. එමෙන්ම 2023 ආසියානු කුසලානය පාකිස්තානයේ පැවැත්වීමට නියමිත බව පකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපති රමීස් රාජා මහතා පවසනවා.

අවසන් වරට ආසියානු කුසලාන තරගාවලියක් පවත්වනු ලැබුවේ 2018 වසරේ දී යි. එම තරගාවලිය ජයග්‍රහණය කිරිමට ප්‍රබල ඉන්දියානු කණ්ඩායම සමත්විය.

2022 ආසියානු කුසලානය ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 15 වන අදියර වන අතර එම තරඟ ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. මෙම තරගාවලිය මුලින් පැවැත්වීමට නියමිතව තිබුනේ 2020 සැප්තැම්බර් මාසයේදී වන අතර තරඟාවලිය කොවිඩ් වසංගතය හේතුවෙන් 2020 ජූලි මාසයේදී කල් දැමිණි. එළඹෙන ආසියානු කුසලානය 2022 වසරේදී පැවැත්වීමට සියලුම කටයුතු අසියානු ක්‍රිකට් කවුන්සිලය සුදානම් කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *