ලෝක කුසලාන ඉතිහාසයේ අමතක නොවන මාලිංගගේ පන්දු යැවීම් – සම්පූර්ණ විස්තරය

Sports News

ප්‍රථම විස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භ වන්නේ 2007 වර්ෂයේ සැප්තැම්බර් මස 11 දිනයි. මෙම ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නොමැකෙන ලෝක වාර්ථා රැසක් පිහිටුවිමට සමත් විය. එයින් මෙම ලිපිය මගින් අනාවරණය කිරිමට යන්නේ විස්සයි විස්ස පිටිය තුල යෝකර් කින් ලෙස නම් දරණ ලසිත් මාලිංගගේ නොමැකෙන පන්දු යැවීම් පිළිබඳවයි.

2007 ලෝක කුසලාන තරගාවලිය යටතේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී පිට පිටම පන්දු 4කි න් පොලොක්, හෝල්, කලිස් සහ එන්ටිනි යන පිතිකරුවන් සිව්දෙනාව දවාගැනිමට සමත්විය. එදා මාලිංග ලබාගත් එම කඩුලු හතර ඉතාමත් විරල ගණයේ දස්කමක් විය. අදටත් ලෝක කුසලාන ඉතිහාසයේ පිට පිටම කඩුලු හතරක් ලබාගත් එකම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රිඩකයා වන්නේ ද ලසිත් මාලිංගයි.

2011 ලෝක කුසලාන තරගාවලිය යටතේ කෙන්යානු කණ්ඩායමට එරෙහිව තරගයේ දී මාලිංග ලකුණු 38කට කඩුලු 6ක් දවාගත්තේ එක්දින දිවියේ ඔහුගේ හොඳම පන්දු යැවීම සටහන් කරමින්. එහිදී ටන්මේ මිෂ්රා, පීටර් ඔන්ගොන්ඩෝ, සහ සෑම් එන්ගොචේ යන පිතිකරුවන්ව පිට පිටම පන්දු 3ක දී දවාගැනීමට මාලිංග සමත් වුණේ තවත් කඩුලු ත්‍රිත්වයක් සම්පූර්ණ කරමින්.

2019 පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී ලසිත් මාලිංග එංගලන්තය එරෙහිව ලකුණු 43 කට කඩුලු 4 ලබාගැනීමට සමත්විය. කවුරුත් නොසිතූ මොහොතක ලෝක ශූර එන්ගලන්ත කණ්ඩායම පරාජයට පත්කිරීම ලසිත් මාලිංග ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *