නැමීබියාවට එරෙහි ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7 පහසු ජයක්

Sports News

භානුක රාජපක්ෂ හා අවිශ්ක ගේ වේගවත් පිතිකරණයත්, මහීෂ් තීක්ෂණ ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ නැමීබියාවට එරෙහිව ඊයේ පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. සුදුසුකම් ලැබීමේ තරග වටයේ පළමු ජයග්‍රහණය ලෙසින් සටහන් වුණු මෙම ජයත් සමඟ සුපිරි කණ්ඩායම් 12 තරග වටයට ළඟා වීම සඳහා ශ්‍රී ලංකා පිල දැන් පියවරක් ඉදිරියට තබා ඇත.

කණ්ඩායම වෙනස්කම් කිහිපයක් සමඟින් තරගාවලියට අවතීර්ණ විය. කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලෙස කටයුතු කල පැතුම් නිශ්ශංක සහ කුසල් පෙරේරා හට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට නොහැකිවිය. ඉන්පසු පිටියට පිවිසි දිනේෂ් චන්දිමාලුත් වැඩි වේලාවක් ක්‍රිඩා ගාරයේ සිටියේ නැත. ඉන්පසුව මැද පෙළ පිතිකරුවන් ලෙස පිටියට පිවිසි භානුක රාජපක්ෂ හා අවිශ්ක ප්‍රනාන්දු ආරම්භය බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම ලකුණින් ලකුණු ගොඩනන්වන ලද්දේ කිසිදු කලබලයකින් තොරවය. තරගාවලිය ජයග්‍රහණය කරා ගෙන යාමට මොවුන් දෙපල සමත්විය.

ශ්‍රී ලන්කා කණ්ඩායමේ පුහුණු උපදේශක වශයෙන් කටයුතු කරන මහේල ජයවර්ධන මහතා විසින් භානුක රාජපක්ෂ සහ අවිශ්ක ප්‍රනාන්දු ක්‍රිඩා කරන ස්ථානය වෙනස් කිරීමට භාජනය කළේය. ආරම්භක පිතිකරු අවිශ්ක නොම්බර 4 ස්ථානයේ ක්‍රිඩා කරවන්නත්, භානුක රාජපක්ෂ මැද පෙළ නොම්බර 5 ස්ථානයේ ක්‍රිඩා කරවන්නත් කටයුතු කළේය. මහේල ජයවර්ධන මහතා දත්ත විශ්ලේෂණයන් මත පදනම්ව මෙම තීරණය ගෙන ඇත. ඇත්ත වශයෙන්ම ඔහුගේ මෙම තීරණය ගොඩක් දුරට සාර්ථක වී ඇත. භානුක රාජපක්ෂට දඟ පන්දුයවන්නන්ට පහසුවෙන් මුහුණ දිය හැකි නිසා භානුක රාජපක්ෂ නොම්බර 5 ස්තානයේ ක්‍රිඩා කිරිම වඩාත් යෝග්‍ය වේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මීළඟට සහභාගිවන තරගය ලබන 20 වැනිදා අයර්ලන්තය කණ්ඩායමට එරෙහිව අබුඩාබිහි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *