තමාට පැවරී ඇති අලුත් වගකීම ගැන භානුක කියන කතාව – සම්පූර්ණ විස්තරය

Sports News

පෙරේදා පැවති ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් ලෝක කුසලාන සුදුසුකම් ලැබිමේ වටයේ ප්‍රථම තරගය නැමිබියාව සමග විය. පැවති තරගය විෂිශ්ඨ ලෙස ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් එතරම් සාර්ථක නොවුවත් මැද පෙළ පිතිකරුවන් ලෙස පිටියට පිවිසි අවිශ්ක සහ භානුක එක්ව කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

ජයග්‍රහණයෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී භානුක රාජපක්ෂ තමන් අභියෝග ජයගත් ආකාරයත්, ඔහුට කණ්ඩායමේ ලැබී ඇති වගකීම පිළිබදවත් ඒ වගේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි සැලසුම් ගැනත් භානුක රාජපක්ෂ මෙලෙස අදහස් දැක්විය.

ඇත්තටම මහේල අයියා ටීම් එකට ආපු ගමන් කළේ මාව නොම්බර 5 ස්ථානයටත් අවිශ්කව නොම්බර 4 ස්ථානයටත් පැතුම් නිශ්ශංකව ආරම්භ පිතිකරුවෙකු ලෙසත් ගෙනල්ලා ඒ ඒ ක්‍රිඩකයාට හරි වගකීමක් භාර දුන්නා. දැන් ඉස්සර වගේ නෙමෙයි අපි පොඩ්ඩක් අසාර්ථක වුනු ගමන් අපිට එතැනින් හලන්නෙ නැහැ. එක දිගට එක තැනක බැට් කරන්න ලැබෙන නිසා ඒක අපිට ගොඩක් ලේසියි.

ඉතින් මම හැමතිස්සෙම කියන දෙයක් තමා මම දෙවියන් විශ්වාස කරන පුද්ගලයෙක් කියන එක. ඉතින් මම හිතනවා හරි වෙලාවට හරි තැන හම්බෙනවා කියලා. එමෙන්ම විස්සයි විස්ස ලෝක කුසලානය සදහා පැමිණි ගමන් මග ගැන භානුක රාජපක්ෂ මෙලෙස ප්‍රකාශ කළේය. දැන් ඉස්සර වගේ නෙමෙයි කන්සිස්ටන්සි එකක් තියෙනවා. අපිව මැච් 2,3 ෆේල් උනා කියලා අපිව එළියට දාන් නැහැ ඒ විශ්වාසය අපිට ගොඩක් වටිනවා. එමෙන්ම අපිට කෝච් ගෙනුයි, නායකයාගේනුයි ලොකු සහයෝගයක් තියෙනවා. ඒක ගොඩක් වටිනවා මානසික මට්ටම පවත්වාගෙන යාමට යනුවෙන් ප්‍රකාශ කරමින් ඔහු නිහඩ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *