ශ්‍රී ලංකවටත් T20 ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න පුළුවන් – මුත්තයියා මුරලිදරන්

Sports News

දේශබන්දු මුත්තයියා මුරලිදරන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවෙක්, හිටපු වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්, සහ අයිසීසී ක්‍රිකට් ශාලාවේ සාමාජිකයෙක් වන මොහු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨතම සහ සාර්ථකම පන්දු යවන්නා ලෙස සැලකේ. අබුඩාබි ෂේක් සහිඩ් ක්‍රිඩාන්ගනයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මෙලෙස අදහස් පළකළේය. මුත්තයියා මුරලිදරන් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සන්නාම තානාපතිවරයෙක් ලෙසද කටයුතු කරයි.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් මෙලෙස අදහස් ප්‍රකාශ කළේය මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් තියෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන වටයට සුදුසුකම් ලබන බවට ඔහු විශ්වාස කරන බවත් පැවසීය.

එමෙන්ම මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය ශක්තිය, නිසි මඟපෙන්වීම ලබාදෙන බවත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහි මානසිකත්වයෙන් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකික ප්‍රෙක්ෂකයන් වන අපගේ බලාපොරොත්තුවත් මෙවර විස්සයි විස්ස ලෝක ශූරයින් බවට අපේ කණ්ඩායම පත්විමයි. කණ්ඩායම වෙනදාට වඩා උද්‍යෝගිමත් ලෙස වගකීමෙන් කටයුතු කරන බවට අපිටත් දැක ගත හැකිය. දසුන් චානකගේ නායකත්වය යටතේ පැවති බෝහෝ තරග ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේය. මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කිරිම එතරම් පහසු කාර්යක් නොවේ. කෙසේ වෙතත් මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය අපේ රටට රැගෙන ඒමට හැකිවේවායැයි අපි ප්‍රර්ථනා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *