මහේල එක්ක විනාඩි 5ක් කතා කරොත් ක්‍රීඩකයන්ට වෙනදේ – සම්පූර්ණ විස්තරය

Sports News

ෆර්වීස් මහරුෆ් ටෙස්ට් හා එක්දින තරඟ සඳහා ක්‍රීඩා කළ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු අද දෙරණ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ක්‍රිකට් ලොවේ මාස්ටර් මයින්ඩ් යන විරුදාවලිය ලත් හිටපු නායක මහේල ජයවර්ධන මහතා විස්සයි විස්ස ලෝක කුසලානය සදහා සහභාගි විම, කණ්ඩායම ලබන වාසිය, මහේල ජයවර්ධනගේ වැඩ කොටස ගැන මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට මෙළෙස අදහස් පළකළේය.

මහේල ජයවර්ධන යනු මොඩර්න් ක්‍රිකට් වල එසේ නැතහොත් විස්සයි විස්ස ලීග් පිටිය තුල සිටින සාර්ථකම පුහුණුකරුවෙකි. ඔහුගේ අද්දැකීම් ගත්තත් පුහුණුකරුවෙකු වශයෙන්, නායකයෙකු වශයෙන් ගොඩක් දේවල් තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගන්න. ඔහු දන්නවා මොනවද කරන්න ඕනී කියලා මම හිතනවා ඔහුගේ පැමිණිම ඉතා වටිනවා ක්‍රිඩකයන්ට මෙන්ම කෝච් ස්ටාප් එකටත්.

ඔහු මාස එකහාමාරක කාලයක් ඉන්දියානු ප්‍රිමිය ලීග් අද්දැකීම් සමග එම ක්‍රිඩාන්ගන වල සිටි පුද්ගලයෙක් ඉතින් ඔහු හොදින්ම දන්නවා ඉස්සරහට මොනවද කරන්න ඕනී කියලා. ඔහුගේ Input එක කණ්ඩායමට ගොඩක් වටිනවා. ඔහු නායකත්වය දරණ කාලේ අපි දැකලා තියෙනවා ඔහුගේ හැකියාවන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ඔහුගෙන් එවැනි ක්‍රිඩකයෙක් එක්ක විනාඩි 5 කතා කරත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.

ඉතින් ඔහුගෙන් කණ්ඩායම ලැබෙන දේවල් මිල කල නොහැකියි. මම හිතන විදිහට මහේල ජයවර්ධන මෝටිවේටර් කෙනෙක් ඔහුට පුලුවන් ක්‍රිඩකයෙක් වැටිලා ඉන්න වෙලාවක එම ක්‍රිඩකයා එතැනින් උස්සලා අරගෙන ඔහුගෙන් උපරිමය ලබාගන්න. ඔහුත් එක්ක විනාඩි 5 ක්‍රිඩකයෙක් කතා කරත් ගොඩක් දේවල් දැනගන්න පුලුවන්. එමෙන්ම කණ්ඩායමේ ක්‍රිඩකයන් දැන ගන්න ඕනී ඔහු ඉන්න කාලය තුල ඔහුගෙන් උපරිමය ලබා ගන්න යනුවෙන් මහරුෆ් මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *