රංගන හේරත්ට MCC ගෞරවනීය යාවජීව සාමාජිකත්වය – සම්පූර්ණ විස්තරය

Sports News

ලොව පැරණිතම ක්‍රිකට් සමාජය ලෙස හැදින්වෙන මැරිලිබෝන් ක්‍රිකට් සමාජය 1787 දී ආරම්භ කරන ලදි මෙමගින් ක්‍රිකට් ක්‍රිඩාවේ නිති, අණපනත් සම්මත කරනු ලබයි. මේරිල්බෝන් ක්‍රිකට් සමාජය විසින් ගිය අඟහරුවාදා නව ගෞරවනීය ක්‍රිකට් සාමාජිකයින් 18 දෙනෙකු ප්‍රකාශයට පත් කළේය.

එම්සීසී ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලබාදෙන මෙම ගෞරවනීය සාමාජිකත්‍වයට නම් කරන ලද නව ගෞරවනීය සාමාජිකයින් 18 දෙනා අතරට ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ද ඇතුළත් ය.
එමහේතුවෙන් MCC ගෞරවනීය සාමාජිකත්වය ලබා ගත් 15 වන ශ්‍රී ලාංකිකයා වන්නේ රන්ගන හේරත් මහතාය.

එම ගෞරවනීය යාවජීව සාමාජිකත්වය හිමි වූ ක්‍රීඩකයින් 18 දෙනා මෙසේ පෙළගැස්විය හැක.

මුත්තයියා මුරලිදරන් ගෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ බිහිවූ විශිෂ්ටතම දග පන්දු යවන්නා ලෙස සැලකෙන රන්ගන හේරත් මහතා සිය ක්‍රිකට් දිවිය තුල සුවිශේෂී වාර්ථා රැසකට හිමිකම් කියයි. එම හේතුවෙන් ඔහුට මෙම ගෞරවනීය යාවජීව සාමාජිකත්වය හිමිවිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රෙක්ෂකයන් වශයෙන් අපි ඔහුට සුභපැතුම් එක් කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *