ශ්‍රී ලංකාව අවසන් කණ්ඩායම් 12 අතරේ සිය ස්ථානය තහවුරු කරගනී

Sports News

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ඊයේ පැවති තරගාවලියේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි කුසල් පෙරේරාව වේලාසනින්ම ක්‍රිඩාගාරයට යැවිමට අයර්ලන්ත පන්දු යවන්නන්ට හැකිවිය. ඉන්පසු පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් සහ අවිශ්ක ප්‍රනාන්දු හටද ලකුණු අතරට පැමිණිම අයර්ලන්ත පන්දුයවන්නන් ඉඩ ලබාදුන්නේ නැත. ඕවර 2 තුල ලකුණු 8 කට විකට් 3 ලබාගත් අයර්ලන්ත කණ්ඩායම තරගයේ වැඩි වාසිය මුල් ඕවර කිහිපය තුල ඔවුන් සතු කරගත්තේය.

ඉන්පසු පිටියට පිවිසි වනිඳු හසරංග සහ පැතුම් නිස්සංක එක්ව කඩා වැටුනු ශ්‍රී ලංකා ඉනිම ගොඩ නංවන ලද්දේ කිසිදු කලබලයකින් තොරවය. අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඕවර 20 තුල ලකුණු 171 ලෙස දිස්විය. එමෙන්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිය යුතුකම් කොටස නිසියාකාරව ඉටු කිරීමට සමත්වීමත් සමඟ පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 12 අතර තරග වටයට තේරී පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේදී සමත්විය. අයර්ලන්තයට එරෙහිව ලකුණු 70 ක දැවැන්ත ජයක් අත්කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම එම අවස්ථාව විවර කරගත්තේ සුදුසුකම් ලැබීමේ තරග වටයේ නෙදර්ලන්තයට එරෙහි තරගයත් ඉතිරිව තිබියදීය.

අයර්ලන්ත කණ්ඩායමේ කිසිදු පසුපෙළ හා මැදපෙල පිතිකරුවෙක්ට ලකුණු 5 සීමාව ඉක්මවන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත. පන්දුවාර 18 පන්දු 3ක් අවසානයේ අයර්ලන්ත ඉනීම ලකුණු 101කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ ලකුණු 17කට කඩුලු 3ක්ද චාමික හා ලහිරු කඩුලු 2 බැගින්ද දවාගැනීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *