හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගාවලියේ ආරම්භක පිතිකරු යුගලය මෙන්න

Sports News

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ පිට පිට දෙවැනි තරගයද ඊයේ ජයග්‍රහණය කළේය. ලකුණු 8 ට මුල්පෙළ කඩුලු 03 ක් බිඳ වැටුන මොහොතක ඉනිම 171 ක ලකුනු පුවරුවක් කරා ගෙනයාමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් සමත්වෙනවා.

ආරම්භ පිතිකරු ලෙස පැමිණි කුසල් ජනිත් පේරේරා ට පැවති තරගාවලි දෙකේදීම ලකුණු අතරට පැමිණිමට නොහැකිවිය. නොම්බර තුනේ ස්ථානයේ ක්‍රිඩා කරන දිනේෂ් චන්දිමාල් හටද ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති තරග දෙකේදී ලකුණු අතරට පැමිණිමට නොහැකිවිය. කණ්ඩායමට ජයග්‍රහණය රදා පවතින්නේ ආරම්භක සම්බන්ධතාවය මතයි එමහේතුවෙන් එම වගකීම ආරම්භ පිතිකරුවන්ට පැවරේ පසුගිය තරගවල අසාර්ථක වූ පැතුම් නිශ්ශංක ඊයේ පැවති තරගයේදී වගකීම් සහිත ඉනිමක් ක්‍රිඩා කරමින් අගනා අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්විය. ඊයේ පැවති ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගය ජයග්‍රහණය කිරිමට ඔහුගේ ආරම්භයත් කණ්ඩායමට වැදගත් විය.

විස්වසනීය ආරන්ච් මාර්ග තහවුරු කරන ආකාරයට හෙට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගයට කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු නොවේ. එම හේතුවෙන් හෙට තරගයේ ආරම්භක පිතිකරු යුගලය ලෙස කුසල් පෙරේරා සමගින් පැතුම් නිශ්ශංක ඉනිම ආරම්භ කිරීමට නියමිතයි.

1. කුසල් පෙරේරා

2. පැතුම් නිශ්ශංක

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිටත් සුපිරි 12 වටයට තේරී පත්වී අවසන්ය. පැවති තරග දෙකම විෂිශ්ඨ අන්දමින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ජයග්‍රහි මානසිකත්වයෙන් සිටී. හෙට පැවැත්වෙන තරගය රාත්‍රි 7.30 අබුඩාබි හී දී පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *